(යොහාන් භාසුර)
සහල් මිල නැවතත් රුපියල් 10 සිට 30 දක්වා ගණනකින් ඉහළ දැමීමට පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.
කීරි සම්බා සහල් කිලෝවක් තවත් රුපියල් 30 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10 කින් ද, ඉහළ දැමූ බව ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (28) පස්වරුවේ පැවසීය.
ආසන්තම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා සහල් කිලෝවක නව සිල්ලර මිල රුපියල් 225 ක් ද, සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 165 ක් ද, නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 140 ක් ද, වන බව ඔහු සඳහන් කළේය.
මෙම දෙවැනි මිල ඉහළ දැමීමත් සමඟ මාසයක් තුළ කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 60 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 25 කින් ද, ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෝ කටයුතු කළහ.
සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් ද රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ සුදු කැකුළු කිලෝවක නව මිල රුපියල් 125 ක් ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 ක් ද, බවට පත්ව ඇති බව වෙළෙන්දෝ පවසති.
රජය සහල් පාලන මිල පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා රාත්‍රී ඉවත්කිරීමෙන් පසුව පොළොන්නරුව මහා පරිමාණ සහල් නිෂ්පාදකයෝ මාධ්‍ය හමුවක් කැඳවමින් නාඩු කිලෝවක් රුපියල් 115 කට, සම්බා කිලෝවක් රුපියල් 140 කට සහ කිරී සම්බා කිලෝවක් රුපියල් 165 කට අළෙවි කරන බව සැප්තැම්බර් 28 වැනිදා පැවසූහ.
ඉන් පසුව මේ මස 18 වැනිදා කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 15 කින් ද, ඉහළ දැමීමට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් කටයුතු කළ අතර ඒ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 195 ක් ද, සම්බා කිලෝවක මිල රුපියල් 155 ක් ද, නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 130 ක් ද, බවට පත්විය.
ප්‍රධාන සුපිරි වෙළෙඳසළකින් අද පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ කිරී සම්බා කිලෝවක් රුපියල් 195 කට ද, සම්බා කිලෝවක් රුපියල් 140 කට ද, නාඩු කිලෝවක් රුපියල් 125 කට ද, අළෙවි කරන බවයි.
ලංකා සතොසින් පුද්ගලයකුට වරකට නාඩු සහල් කිලෝ තුනක් පමණක් කිලෝවක් රුපියල් 98 බැගින් මිලදී ගත හැකි බවත් සුදු සහ රතුළු කැකුළු සහල් කිලෝවක් රුපියල් 95 බැගින් මිලදී ගත හැකි බවත් ලංකා සතොස නිලධාරියකු අද පස්වරුවේ කීය.
සිල්ලර වෙළෙදුන් පවසන්නේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් මිල වැඩි කරමින් වෙළෙඳපොලට නිකුත් කරන බවත් වෙළෙදුන්ට රුපියල් 5 ක ලාභයක් පමණක් ලබාදෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 සම්මත කරලා ඕන කිව්වා නියමෙට කරන්න 2/3 ඕනෑ කිව්වා... තව නියමෙටම කරන්න. අන්තිමට හොඳටම කළා... රටට මේ අන්දරේ සහ කේවට්ටයෝ ටික...
දැන් අපේ රට කොම්පැණිකාරයන් කිහිප දෙනෙකු සහ මුදලාලිලා කිහිප දෙනෙකු අතේ නැටවෙන රූකඩයක් වෙලා තියෙන්නේ. විසිල් ගසමින්, හුරේ දමමින්, අත්පුඩි ගසමින් ඔවුන්ව දිරි ගන්වන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩුවයි. හත් මුතු පරම්පරාවලටම හෙණ පිට හෙණ ගහපන් කියලා කියනවා ඇරෙන්න වෙන දෙයක් නෑ...
ඥාණසාර හාමුදුරුවන්ට කියන්න. රටට සාපයක් වුණු මේ ආණ්ඩුවට නම් ගැලවීමක් නැහැ..
ඉතින් මොනවටද මේ රටට ආණ්ඩුවක්? වෙළෙන්දෝ කීප දෙනෙකුට රට භාර දුන්නා නම් ඒ අය රට ආණ්ඩු කරයි.
මෙයාලට ඡන්ද ලැබුණු ප්‍රමාණය වැඩි නිසාද මේ විදිහට ජනතාව දිහා නොබලන්නේ ... බඩගින්නේ මැරෙනකම්ද බලන් බන්නේ...?
එහෙම වෙන්නේ කොහොමද? අරලියයි රත්නෙයි එදා ප්‍රෙස්කොන් එකේදී කිව්වේ හාල් මීට වඩා වැඩි වෙන්නේ නෑ කියලනේ. අනික දැන් අර බන්දුල ගේ පිටරට හාල් නැව් ඇවිල්ලා ඇතිනේ... ඉතිං මේ රටට හාල් ප්‍රශ්න තියෙන්න විදිහක් නෑ. ගියපාර බන්දුල ඡන්දෙට දාපු ටැග් ලයින් එක "වටිනවා නේ" කිව්ව විදිහටම බොහෝ වටිනා වැඩ ගොඩාක් එයා කරනවා. අනේ මේ රටේ බත් කන හරක්... මේ චාටු කතාවලට තව කොච්චර කල් රැවටෙයිද?
අනේ ඩඩ්ලි සිරිසේන ජනාධිපතිතුමනි, අහිංසක රට වැසියන්ට අනුකම්පා කර ඔය සහල්මිල වැඩිකිරීම නතර කරන්න. මෙහෙම වැඩි කිරීම අසාධාරණයි.
කෝ බොල රටින් ගෙනාවා කිව්ව හාල්?
ජනාධිපති ගෝඨෘභය රාජපක්ෂ මැතිතුමනි. මෙහෙම ගියොත් ඔබට අනාගතයේදී මිනිසුන්ගේ මුහුණ බලන්න වත් පුළුවන් වෙයිද? දිනෙන් දින ඔබේ පෞරුෂය සීඝ්රයෙන් දියවෙමින් පවතිනවා. අන්තිමේදී නිකම්ම ඔප්පු වෙනවා එදා යුද්ධය දිනුවේ ඔබේ දක්ෂතාව නිසා නෙමෙයි සරත් ෆොන්සේකා සෙන්පතිතුමාගේ දක්ෂතාවය නිසා පමණමයි කියා...
ආණ්ඩුවත් මුදලාලිලාටම දෙන්න. එතකොට වැඩේ හරිම ලේසියි.