IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සහරාන්ට රැකවරණය දුන් විවාහ ලේකම්වරයකු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

සහරාන් හෂීම් ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදුන් සහ ඔහු ඇතුළු පස් දෙනකුට රැකවරණය ලබා දුන් ඔලුවිල් ප්‍රදෙශයේ විවාහ රෙජිස්ටාර්වරයකු අත් අඩංගුවට ගත් බව ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය කියයි.

2017 වසරේ දී සහරාන් ඇතුළු පස් දෙනකු කාත්තන්කුඩි අලියාර් ප්‍රදේශයේ දී පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර එම පිරිස ඔවුන්ගේ මතයට එරෙහි පිරිසක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

සහරාන් ඇතුළු පස් දෙනා එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සැඟව සිට ඇත්තේ ඔලුවිල්  ප්‍රදේශයේ ඉහත රෙජිස්විටාර් ගේ නිවසේ බවද හෙතෙම කියයි .

මෙම විවාහ රෙජිස්ටාර් සහරාන් ඇතලු සැකකරුවන් පස් දෙනා ඔහුගේ නිවසේ රඳවාගෙන අන්තවාදය සඳහා ආධාර අනුබල ලබා දීම සිදුකර ඇති බවද පොලිසිය කියයි.

විවාහ රෙජිස්ටාර්ගේ නිවසේ සැඟව සිටි සැකකරුවන් පස් දෙනාගෙන් දෙදෙනෙකු මවුලවීවරුන් වන අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය රඳවාගෙන ප්‍රශ්න කරන අතර සහරාන් ඇතුළු සෙසු තිදෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කරයි .

අත්අඩංගුවට ගත් රෙජිස්ටාර් මඩකලපුව ත්‍රස්ත ක්‍රියා අනු කොට්ඨාසයේ රඳවා සිටින අතර ඔහු කොළඹට රැගෙන ඒමට නියමිතව ඇත.

 



අදහස් (9)

සහරාන්ට රැකවරණය දුන් විවාහ ලේකම්වරයකු අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Monday, 31 May 2021 03:57 AM

මේ රටේ ඉන්නා දේශපාලකයන් ඔක්කොම එක වල්ලේ පොල් වගේ තමයි.ඒ අය දඬුවම් දුන්නේ නැහැ,අපි රජයක් පිහිටුවා දඬුවම් දෙනවා යැයි කියා ඡන්දේ ගත්තා.ඒත් දැන් මොනවා හෝ පෙන්න පෙන්නා වැඩේ කල් යවන බවක් තමයි පෙනී යන්නේ.වගකිවයුතු ප්‍රධානියාගේ සිට අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දෙනවා කිව්වා.

:       53       35

Bempi Monday, 31 May 2021 04:18 AM

සහරාන්ගේ හැමෝම අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න

:       2       36

හේරත් Monday, 31 May 2021 04:21 AM

මේ විවාහ ලේකම් වරයා, මහ මොලකාරයා වෙන්න බැරිද?

:       22       20

Rata Perata Monday, 31 May 2021 06:12 AM

දැන් ඉතින් විවාහ ලේකම්, සහරාන්ට මාලු විකුණපු මිනිහා වගේ බොරු වැඩ කර කර ඉඳීවි ඊළඟ ඡන්දෙ වෙනකම්... මොකද මහ මොලකරුනේ දැන්... රටේ නීති හදන්නේ... ඉතින් කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ?

:       4       17

සනත් ඉතාලිය Monday, 31 May 2021 07:50 AM

ඔබට එහෙම කියන්න සාක්ෂි තියෙනවා නම් ඇයි සාක්ෂි වසන් කරන්නේ..? රට පෙරට නම දැක්කාම හිතාගන්න පුළුවන්. මුහුණු පොතේ ගිණුමකුත් තියෙන්නේ... රට පෙරට දාගෙන කඩේ යන්නේ අර හීන්දෑරි උස හාදයාට නේද..?

:       0       0

mohomed Monday, 31 May 2021 08:15 AM

මෙහෙම ගිහින් කවදා හරි දවසක සහරාන්ගේ ගෙදර හදපු අය උසාවියට ගෙනැල්ලා දඬුවම් කරයිද මන්දා?

:       3       16

Bempi Monday, 31 May 2021 10:14 AM

මෙහෙම ගියොත් ගේ හදපු බාස් විතරක් නොවේ. සිමෙන්ති විකිණූ අයිතිකරුත් අත්අඩංගුවට ගනීවි...!! 

:       2       8

fairoos Monday, 31 May 2021 10:30 AM

අනේ අපෙ පොලිසියෙ විමර්ශන කියලා වැඩක් නැහැ

:       1       4

Sri Lanka Monday, 31 May 2021 12:06 PM

අනේ අම්මේ සහරාන් අයියලාගේ ටෙලිනාට්‍යය ආයෙත් පටන් අරන්... කොරෝනා නාට්‍යයත් ඉවර වෙන පාටක් නැහැ මේ කපේට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site