IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සොහොයුරියෝ තිදෙනා සතියක් ඇතුළත මෙලොව හැර යති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මදුරන්කුලිය කන්දතොඩුවාව ගම්මානයෙ පදිංචිව සිටි එකම පවුලේ සොහොයුරීයන් තිදෙනකු හදිසියෙ සතියක් වැනි කෙටි කාලයකින් මරණයට පත්විමත් සමග දරුවන් හා ඥාතින් මහත් වේදනාවට පත්ව සිටිති.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්දතොඩුවාවේ පදිංචි එකම පවුලේ සොහොයුරින් තිදෙනෙකු වන 77 හැවිරිදි වයලට් පිරිස්,70 හැවිරිදි ලුසි පිරිස්,හා 67 හැවිරිදි ඇනි පිරිස් නැමති එකම පවුලේ සොහොයුරියන් තිදෙනෙකි.

මෙම තිදෙනාම විවාහක කාන්තාවන් වන අතර ඔවුන් තම සැමියන් හා දරුවන් සමග වෙන වෙනම කන්දතොඩුවාව ගම්මානයෙ ඔවුන්ගේ නිවෙස් තුල වාසය කර ඇති බව කියයි.

සතියෙ  මෙම සොහොයුරියන්ගේ බාල නැගණිය 67 හැවිරිදි ඇනි පිරිස් මහත්මිය හදිසියෙ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් පුත්තලම මූලික රෝහලට ඇතුලත් මියගොස් ඇත.

එසේ හදිසියෙ මරණයට පත්වු ඇනි පිරිස් මාතාව දරුවන් තිදෙනකුගේ මවකි. 

ඇනි පිරිස් මවගේ මරණින් දින තුනක් යද්දි ඒ වන විටත් රෝගි තත්වයෙන් පසුවු ලුසි පිරිස් මවද හදිසියෙ මරණයට පත්ව ඇත්තේ නොසිතු මොහොතක බව සැමියා හා දරුවන් පවසති.

ඇයද දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර දරු මුණුපුරන් සිටි .

තම බාල සොහොයුරීන් දෙදෙනා හදිසියෙ මිය යාමේන් මහත් කම්පනයෙන් සිටි වැඩිමහල් සොහොයුරිය වන වයලට් පිරිස් මව තම සොහොයුරින් මෙලෙස තමන් නොසිතු අයුරීන් හැර යාම පිළිබදව දැඩි වේදනාවෙන් පසුවු බව දරුවන් පවසයි.

සොහොයුරියන් තිදෙනාගේ මරණය පිළිබදව දැඩි කළකිරීමේන් පසුවු ඇයද නොසිතු ලෙස එකවරම මෙම දෙවන මරණය වී දින තුනක් යාමට මත්තෙන් හදිසියෙ අසනිපවි ඇත්තේ ඒ වන විටත් ඇය පත්ව සිටි කම්පනයත් සමග ඇතිවු දැඩි වේදනාවෙන් බව කියයි.

ඇයව දරුවන් විසින් කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටියදි දිනකට පසු මරණයට පත්ව ඇත්තේ මෙම ඥාති පවුල් වල ඥාතින් ඒ වන විටත් තමන් හැර ගිය මව්වරුන් දෙදෙනාගේ වේදනාව යම් තරමින් පහව යාමට මත්තෙනි.

මෙම සොහොයුරීන් තිදෙනා දැඩි ලෙන්ගතු කමින් ජීවත් වු බවත් ඔවුන් අතර පුදුමාකාර සහෝදර බැදිමක් තිබු බවද කියයි.

එසේ දැඩි බැදිමකින් සිටි මොවුන් තිදෙනා නොසිතු ලෙස මෙලෙස මරණයට පත්විමට හේතු වි ඇත්තේ පලමු සොහොයුරියගේ මරණයෙන් ඇතිවු කම්පනය නිසා විය හැකි බව දරුවන් කියා සිටි.

 



අදහස් (2)

සොහොයුරියෝ තිදෙනා සතියක් ඇතුළත මෙලොව හැර යති

Bunny Preena Wednesday, 16 October 2024 09:03 AM

අව්‍යාජ සහෝදර ප්‍රේමය කොතරම් බලවත්ද කියන එකට හොඳම උදාහරණයක්... බොහොම දුක්මුසු පුවතක්... ඔවුන්ට නිවන් සුව පතමි.

:       0       3

Prabash Wednesday, 16 October 2024 12:04 PM

ඕනම දේකට දැඩිව බැඳීම දුකට හේතුවක් කියලා ඉගෙන ගන්න මේක හොඳ පුවතක්... ඒ දෙය හොඳ දෙයක් වුණත්, නරක දෙයක් වුණත් ඒක තමයි ලෝක ධර්මතාවය.. බුදුන් වහන්සේ දේශනා කළේ එයයි. බැඳීම් වැඩිනම් දුක වැඩියි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site