
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
මේ නිසා සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියයි.
එම පනත නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් සුබසාධන ලබාගැනීමේදී තොරතුරු සපයන්නත් තොරතුරු රැස් කරන්නත් වගකීමකට බැඳෙන බවත් එහිදී රාජ්‍ය නිලධාරීන් එම වගකීම ගැනීමට සමහර අවස්ථාවලදී මැලිකමක් දැක්වූ නිසා වෙනත් ආධුනික කණ්ඩායම් යොදවා ගෙන තොරතුරු රැස් කළ බව ද අමාත්‍යවරයා කියා සිටයේය .
සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ නියාමනයට යටත් කිරීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. අස්වැසුම වැඩපිළිවෙළ කිසිදු යටි අරමුණක් නැහැ . මෙම වැඩපිළිවෙල යටතේ සිද්ධ කරන්නේ සැබෑවටම සුබසාධන ආධාර ලැබිය යුත්තන්ට එය ලබා දීමෙන් අනතුරුව නිශ්චිත කාල වකවානුවකදී ඔවුන්ට සහනාධාර අවශ්‍ය නැහැ කියන තැනකට ඔවුන් යොමු කිරීමයි මෙම වැඩ සටහනේ මූලික ඉලක්කය .
අසීරුවෙන් ජීවත්වෙන තමන්ගේම රටේ ජනතාවට නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ දේශපාලනයෙන්, ජාති භේදයෙන්, හෝ වෙනත් භේදවලින් තොරව නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ සහනාධාර ලැබිය යුත්තාට ආධාර ලබා දීමයි අපගේ මූලික ඉලක්කය .
අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා භාර ගත් අවසන් දිනය වූ ජූලි මස 10 වැනි දින වන විට ඒ සඳහා අභියාචනා සහ විරෝධතා 960,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණා . එම අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාජ තොරතුරු ලබාදී අස්වැසුම ගතහොත් දඩයක් සමග ආපසු අයකරනවා කියලා මුලින්ම කිව්වා නම් ඔපමණ ප්‍රමාණයක් අයදුම්පත්‍ර ඉදිරිපත් කරන්නේ නැහැ ඇත්තටම මෙවර අභියාචනා ඉදිරිපත් කළ අය අතර විශාල දේපළ තියෙන වාහන හිමියන් පවා ඉන්නවා.. දැනට අනුමත ලැයිස්තුවේ එහෙම අය අනන්තවත් ඉන්නවා... ඒවාට විරෝධතා දීලා නැහැ පුළුවන් නම් කියන්න වංචාවෙන් ගතහොත් දඬුවමක් දෙනවා කියලා... එතකොට තේරුම් ගන්න පුළුවන් කවුද හොරු කියලා...!
ඉදින් බන් ඔබත් ඒ කොටසටනේ අයිති... ඔබලා යැපෙන්නේ අපේ සල්ලි වලින්නේ...
ග්‍රාම සේවකට කැමැති අයටනේ ලැබෙන්නේ, අපේ ගම්වල කිසිඳු ආර්ථික ප්‍රශ්නයක් නැති අය එදා සිටම ගන්නවා...
ආදායමක් නැති වැඩිහිටි ආබාධිත සහ රෝගී හැර කාටවත් කිසිම දෙයක් නොදිය යුතුයි. නිකම්ම ඉන්න රැකියාවට බෝකිරීම පමණක්ම කරන කණ්ඩායමකට කන්න දෙන්න වැඩකරන ජනතාව සූරාකෑම හරිද?
ඒ සල්ලි කාරයින්ගේ වැඩිදෙනා දේශපාලකයන්ගේ හෙංචයියලා කියලත් කියන්න.