
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි )
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම ජාතික පාසල ආසන්නයේදී ගෑස් ප්‍රවාහනය කරන රථයක යතුරු පැදියක් ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පාසල් ශිෂ්‍යාවක අද(23) දහවල් මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසලේ උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන, නිට්ටඹුව නවගමුවේ පදිංචිකාරියක වන කේ. කේ. ක්‍රිෂානි ශනායා (17) නැමැති තරුණියකි.
පාසල අවසන් වීමෙන් පසු ප්‍රධාන මාර්ගයට පැමිණි පාසල් ශිෂ්‍යාව ප්‍රධාන මාර්ගයේ මීරිගම දෙසට නවතා තිබූ යතුරුපැදියකට ගොඩ වී ඇතැයිද ඒ අවස්ථාවේ පැදිකරු යතුරුපැදිය පණ ගන්වා පස්යාල දෙසට ගමන් කිරීම සඳහා ආපසු හැරවීමේදී මෙම අනතුර සිදුවී ඇතැයි හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි. ගෑස් ප්‍රවාහන රථය යතුරුපැදියේ ගැටීමක් සමග විසි වී ගිය පාසල් ශිෂ්‍යාව එහි රෝදයකට අසුවූ බවට සලකුණු ඇතැයි පොලිසිය සඳහන් කරයි. යතුරුපැදිය පැදවූ තරුණයා අනූ නමයෙන් බේරී ඇති අතර තුවාලකාරිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මරණයට පත්වූ බව හෙළි වූ බවද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධිය පිළිබඳව බලවත් ශෝකය! හැබැයි පාසල් කාලය තුල ගෑස් ප්‍රවාහනය තහනම් කල යුතුයි කියලා කවුරුත් යෝජනා කලේ නැද්ද?
යතුරුපැදිකරු ඉතා නොසැලකිලිමත් ලෙස භයානක හැරීමක් කර ඇති බව ඉතා පැහැදිලිය.
බොහෝ යතුරුපැදිකරුවන් U- හැරවුම්කරන විට පිටුපස පැත්තෙන් එන වාහන පරීක්ෂා කරන්නේ නැහැ. විනය ඉතා නරක අතට හැරී තිබෙනවා. මේ අවස්ථාවේ දීත් එය යතුරුපැදිකරුගේ නොසැලකිල්ල ලෙස පෙනෙනවා.
ඔය ස්කූටර නම් සාපයක් දැන්. හදිස්සිකාරයොන්ට ඔය වගේ වාහනයක් දෙනවා කියන්නේ පොඩි දරුවෙක්ට උණ්ඩ දාපු තුවක්කුවක් දුන්න වගේ තමයි. එත් දුප්පත් මිනිස්සුන්ට වෙන විකල්පත් නැහැ. ලක්ෂ 6ක් ගෙවලා තමයි මේවා ගන්නෙත්. වෙන රටක නම් හොඳ තත්වයේ පාවිච්චිකරපු කාර් රථයක් ගන්න පුළුවන්.
මෝටර්සයිකල් කොහොමත් පාරට දාද්දි බලන්නේ නෑ…අනික් බොහෝ වාහන වල මිනිස්සු හරියට යන නිසා හොඳයි… නැත්නම්, මලගෙට බුරුතු පිටින් මැරිලා…
මෝටර්සයිකල් කොහොමත් පාරට දාද්දි බලන්නේ නෑ… අනෙක් බොහෝ වාහන වල මිනිස්සු හරියට යන නිසා හොඳයි… නැත්නම්, මෙලහට බුරුතු පිටින් මැරිලා…