
(ගයාන් සූරියආරච්චි සහ ජේ. ඒ.එල්. ජයසිංහ)
මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු විසින් එල්ල කර පිහි පහරකින් අනෙක් සිසුවා තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහනුවර පොලිසිය පවසයි .
එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 16 සිසුවකු බව පොලිසිය කියයි .
සිසුන් දෙදෙනා අතර ගැටුම පාසල ඉදිරිපිට දී සිදුව තිබූ අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කියයි.
මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙම් පලහිලව්වක් වත්ද?
ගවුමක් ගෑවිලා ඇති...
ඈත ගම්බද පාසලක වුණා නම් ගම් ජාතකේ ඔක්කෝම හොයලා අම්මලා තාත්තලා රෑට කාපු ඒවත් හොයලා දාන්නේ. හැබැයි ප්‍රසිද්ධ පාසල් වුණු ගමන් ගොළුවන් වගේ. ලැජ්ජයි...!
නුදුරු අනාගතයේදී පාසල් පන්ති කාමරයක් තුලදී ඇමරිකාවේ මෙන් සිසුවෙක් සිසුන් ඝාතනය කළ පුවතක් අපට කියවීමට නොලැබේවා! වර්තමානයේ මෙරට දරුවන් මෙන් ම දෙමව්පියන් ද මෙතරම් දාමරික වීමට ප්‍රචණ්ඩත්වය සුලභ වීඩියෝ දර්ශන සහ ක්‍රීඩා නැරඹීම මෙන් ම මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතය ද හේතු වී තිබෙන බව නොරහසකි. ඊට පිළියම් යෙදීම සමාජ සංස්ථාවේ කුඩා ම ඒකකය වන පවුලෙන් ඇරඹිය යුතුය.
සිඟිති පාතාලේ.
අහවල් එක බෙදාගන්න බැරිව වෙන්න ඇති...
කතාව මැද චීත්ත කෑල්ලක් අනිවාර්යෙන්ම ඇති