IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සිසුවා පැහැරගෙන රන් මාලය කොල්ල කාලා

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල බස් නැවතුම්පොළේ බසයක් එනතුරු සිටි  සිසුවකුට පොලිසියෙන් බව පවසා පැහැගෙන ගොස් පාළු ප්‍රදේශයකදී ඔහු පැළඳ සිටි රන්මාලය මංකොල්කා පළාගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 

සිසුවා අමතර පන්ති නිමවා නිවෙස කරා යාමට බසයක් එනතුරු රැඳි සිටියදී යතුරු පැදියකින් ආ දෙදෙනකු තමන් වලානෙන් බව පවසා ඔහු යතුරු පැදියේ නංවාගෙන  දොඩම්ගොඩ පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇඳ සිටි කමිසය ගලවා  රුපියල් 1,50,000 පමණ වටිනා රන් මාලය මෙසේ කොල්ල කා පලා ගොස් ඇත.

එම සිසුවා බුලත්සිංහල ගෝවින්නේ පදිංචිකරුවෙකි. බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි. 

 

 



අදහස් (5)

සිසුවා පැහැරගෙන රන් මාලය කොල්ල කාලා

City Monday, 31 July 2023 08:24 AM

සිසුවෙකුට රන් මාලයක්...?

:       0       1

Senarath Monday, 31 July 2023 08:50 AM

ඇත්තටම මේ දරුවගේ වැඩිහිටියන්ට මොලේ අමාරුවද? රත්තරන් මාලයක් පළඳවලා පන්ති යවන්න. ඒකෙන් දරුවගේ ජීවිතයට වුණත් හානියක් සිදුවෙන්න පුළුවන් කියලා තේරෙන්නේ නැතිද? බොහෝ අවස්ථාවලදී, මංකොල්ලකරු අඳුරගත්තා කියලා හිතුණොත් ජීවිතේ හානිවෙන්න පුළුවන්..

:       0       2

SHAMIKA Monday, 31 July 2023 10:04 AM

පාසල් ළමයින්ට ක්ලාස් යද්දී, රත්තරන් බඩු පැළඳීම අවශ්‍ය නැහැ. මෙය දෙමව්පියන්ගේ වැරැද්දක්. හොරකම හරි කියන්න. නමුත් ඔය මාලය නිසා ජීවිතයට හානියක් වුණා නම් ...!

:       0       2

Weerawansa Monday, 31 July 2023 10:25 AM

ලංකාවේ ප්‍රමිතියෙන් අඩු මාලයක්වත් පළඳින එක අවදානම්...!

:       0       2

sam Monday, 31 July 2023 01:32 PM

මේ කොල්ලට හොඳ වැඩේ... ඇයි ඉස්කෝලේ යන කෙනෙකුට මෙච්චර වටිනා මිලයක් මොකටද? ඉස්සෙල්ලම දෙමව්පියන්ට දඬුවම් කළ යුතුයි. මෝඩ දෙමව්පියන්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site