
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී තවදුරටත් ප්‍රගතියක් ලබා ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් සියලු ණය හිමියන් එකතු කරගනිමින් විනිවිද සහ සංසන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියක් සිදු කිරීම ඉතාමත් වැදගත් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා හයාෂි යොෂිමසා මහතා අද(29) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව විනිවිදභාවයෙන් යුතුව ප්‍රතිපත්ති සැකසීමට සහ දූෂණ විරෝධි ක්‍රියාමාර්ග හඳුන්වාදීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදීමකට පත්වන බව හයාෂි මහතා පැවසුවේය.
එසේම ශ්‍රී ලංකාව ඉතාමත් ඉක්මණින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒවි යැයි තමන් බලාපොරොත්තු වන බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දැනට තාවකාලිකව අත්හිටුවා ඇති ජපාන මුල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමටත් බලශක්ති, වරාය සහ මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම්,ආයෝජන ප්‍රවර්ධන කලාප සහ හරිත, ඩිජිටල් ආර්ථිකයන් හි නව ආයෝජන සිදු කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් ආරාධනා කළ බව එහිදී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ 13 වැනි සංශෝධනය යටතේ බලතල බෙදීමේ යෝජනාව ඇතුළු සියලු ජනකොටස් එකමුතු කිරීමට සහ වගවිමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා හයාෂි යොෂිමසා මහතා දැනුවත් කළ බව අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංසන්දනාත්මකව ණය ප්‍රතිව්‍යුහගතකිරීම ඉතා වැදගත්