
(ගයාන් සූරිය ආරච්චි)
ගම්පහ යාගොඩ මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 22ක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.
කිසියම් අපරාධයක් සිදුකිරීමම සඳහා මෙම ගිනි අවිය සහ උන්ඩ සඟවා තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
එම කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තව කන්ටේනර් පරීක්ෂා නොකර එළියට දාන්න. එතකොට මල්ටි බැරල් වුණත් සුසාන භූමිවලින් හම්බවෙන්න පුළුවන්. රේගු වෙන් පරීක්ෂා නොකර කන්ටේනර් 352 ක් පිටවුණේ මේ ආණ්ඩුව ආවට පස්සේ.
සඟවා තබන ලද එවැනි ආයුධ සහ අනෙකුත් භාණ්ඩ පොලිසිය බාරයට ගැනීමේදී එහි සාක්ෂි ලෙස ගත හැකි යම් ඇඟිලි සලකුණු ඇත්නම් ඒවා විනාශ නොවන විදිහට ගන්නට යම් ක්‍රමයක් අනුගමනය කරනවාදැයි දැන ගන්නට කැමැතියි. කවුරු හරි පොලිසියේ ලොක්කෙක් මෙයට පිළිතුරු දුන්නොත් හොඳයි.