IMG-LOGO

සංස්ථාව සතු ඉන්ධනහල් විකුණනවාට දැඩි ලෙස විරුද්දයි

(නිමල කොඩිතුවක්කු)

රටේ පවතින දැඩි අර්බුදකාරී වාතාවරණය තුල ආණ්ඩුව සැලසුම් කර ඇති තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරෝධය  පළකරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.

ජනතාවට තෙල් ගෑස් විදුලිය සැපයීමේ මූලික වගකීම ඉෂ්ට කිරීමට අසමත් ආණ්ඩුව  රටේ සම්පත් විකුණා අර්බුදය අස්සේ මුදල් උපයන බවත් අත්තනායක මහතා සදහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී කැදවූ මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේද කීවේය.

"අද වන විට රට පුරා ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුත්ත සම්පූර්ණම අසාර්ථක ව්‍යාපෘතියක්.  ටෝකන් ක්‍රමයක් පාවිච්චි කරනවා කියලා ඛනිජ තෙල් ඇමතිතුමා කියනවා.  ඒ වගේම අංක පිළිවෙළ අනුව සතිපතා තෙල් ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරනවා කිව්වා. ඇත්තටම එහෙම දෙන්න වත් තෙල් බිඳුවක් මේ රටේ නැහැ.

දැන්  අපූරු විසඳුමක් ඛණිජතෙල් ඇමැති කියනවා.  ලංකාවේ තෙල් බෙදා හැරීම සඳහා තිබෙන ඉන්ධනහල් විදේශ සමාගම් වලට විකුණා දමන්නට ආණ්ඩුව තීරණය කර බව ඔහු කියනවා. මේ අර්බුදය අස්සේ ලංකාවේ සම්පත් විදේශ සමාගම් වලට විකිණීමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ අර්බුදය මැද නැවත වතාවක් ලංකාවේ දේශීය සම්පත් විකුණලා දාලා ප්‍රශ්නය වෙනත් පැත්තට හරවල නිදහස් වෙන්නයි. එය කණගාටුදායක තත්වයක්. මේ මොහොතේ ආණ්ඩුව අනුගමනය කරන උපාය මාර්ගය වන තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරුද්ධත්වය පළකරනවා. තෙල් ගෑස් විදුලිය සසැපයීම ආන්ඩුවේ මූලික වගකීමක්.එය ඉෂ්ට කරන්න අසමත් ආණ්ඩුව  රටේ සම්පත් විකුණා අර්බුදය අස්සේ මුදල් හම්බ කරන්න හදනවා.



අදහස් (3)

සංස්ථාව සතු ඉන්ධනහල් විකුණනවාට දැඩි ලෙස විරුද්දයි

මහසෙන් Tuesday, 28 June 2022 12:47 PM

හුදු දේශපාලන විරෝදතා සහ මාධ්‍ය ප්‍රකාශන පමණයි. මේ ආන්ඩුව විපක්ෂයේ හිටියත් කියන්නේ ඕකම තමා. ඊලග චන්දේ බලාගෙන මෙතක් කල් තමන්ගේ පාක්ෂිකයන් ගෙන් මේ ආයතන පුරවලා නිලදාරී මාෆීයාව ඇතිකරලා කරපු විනාශ තමා මේ හිටපු සහ ඉන්න අය. මේ ආයතන පුද්ගලීකරණය විය යුතුමයි.

:       2       24

fairoosTuesday, 28 June 2022 03:11 PM

අනේ මහසෙන් දැන්වත් ආන්ඩුවට කඩෙ යන එක නව්..මෙ කාලකන්නින් රටට කරපු විානාසය මදිද?

:       11       2

mahel Tuesday, 28 June 2022 03:55 PM

දෙසාලකයෝ හැමදාම කලේ විකිනීමනේ. කොරන්නත් බැහැනේ. කොමිස් තියාගෙන විකුනන්න කියමු. උනුත් එකයි මුනුත් ඒකයි 225 ම එකයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site