
(චාපා මධුභාෂිණී)
තම එකම දියණිය විසින් නිවසින් පන්නා දැමීම නිසා අසරණ වූ මා පිය යුවළක් සතියක් තිස්සේ මැදිරිගිරිය බස් නැවතුමේ රැඳී සිටිති.
අව්වට වැස්සට ආවරණයක් පවා නොමැතිව මැසි මදුරු පීඩාවන්ට ද ගොදුරු වෙමින් බස් නැවතුමේ ජීවත්වන මෙම යුවළ කෑම මෙන්ම ලබාගත යුතු බෙහෙත් ද නොමැතිව දැඩි ලෙස අසරණව සිටිති.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තමන් දියණියගේ කීම විශ්වාස කර ජිවත් වූ නිවෙස විකුණා දමා දියණියගේ නිවෙසට පැමිණි බවත්, දියණිය හා ඇගේ සැමියා නිවස විකුණීමෙන් ලැබුණු මුදල ද ලබාගෙන ඔවුන්ගේ නිවසින් පන්නා දැමූ බවත් එම මව පැවසුවාය.
ජේ.ඒ. සීලවති නැමති ඇය 69හැවිරිදි වියෙහි පසුවන අතර ඇගේ සැමියා වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා කුලියක් හෝ කර ගත නොහැකි බව ද ඇය සඳහන් කළාය.
තමන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් ඇය මෙසේ පැවසුවාය.
''අපේ දුව අම්මවයි තාත්තවයි අපි බලා ගන්නම් මුල් ඉඩම විකුණලා සල්ලි ටික දෙන්න කියලා 2019 අවුරුද්දේ පෙබරවාරි 4 වන දින කිව්වා. මට ඉන්න ඒකම දරුවා ඇය නිසා මම ඒ ඉඩම විකුණලා රුපියල් ලක්ෂ 6 දුන්නා.අපිත් දුවව විශ්වාස කරලා මැදිරිගිරියට ආවා. ඒ ආපු හැටියේම දුව අම්මයි තාත්තයි දැනට ගෙයක් කුලියට අරගෙන යන්න කිව්වා. ඉතිං අපි කුලියට ගෙවල් ගණනාවකම හිටියා. හිටි හැටියේම මගේ මහත්තයා වකුගඩු රෝගියෙක් වුනා. ඊට පස්සේ අපිට කුලී ගෙවා ගන්න මාරු වුණා.
කර කියා ගන්න දෙයක් නැති තැන අපි මැදිරිගිරිය පොලිසයට ගියා. පොලිසියෙන් අපිව දුවගේ ගෙදරට ගෙනිහින් දැම්මා. ඒ ගිහින් දාපු දවසට පහුවදාම මගේ දුවයි දුවගේ මහත්තයයි දෙන්නා අපිට 'බැහැපියව් දොට්ට' කියලා පන්නා දැමුවා. පිටිපස්සේ දොරෙන් අපේ බඩු එළියට වීසි කළා. අපි දෙන්නා පහුගිය 4 වෙනිදා අපේ රෙදි කඩමළුත් අරගෙන යන ඒන මං නැතිව ඒ ගෙදරින් එළියට බැස්සා. යන්න තැනක් තිබුනේ නැති නිසා අපි මැදිරිගිරියේ බස් නැවතුමේ නතර වුනා.
කුස ගින්න දැනුනත් කන්න දෙයක් ගන්නවත් අතේ සතේ තිබුනේ නෑ. මගේ කුසින් වදපු දුවට වඩා ගුණයහපත් මිනිස්සු මේ නගරේ හිටිය නිසා ඔවුන් අපිට කන්න බත් පැකට් ගෙනත් දුන්නා. මමයි මගේ මහත්තයයි දුව ලැබුනට පස්සේ ගොඩක් සතුටු වුනා. දුව මගේ සල්ලිත් අරගෙන සැපපහසුවට ගෙයක් හදාගෙන ඒයාගේ දරුවොත් ඒක්ක සතුටින් කාලය ගතකරනවා. පවු නෑ පුතේ මගේ කිරි ටික දීලා උස් මහත් කරපු මගේ දරුවට කවදාවත් වරදින්න ඒපා. අම්මෙක් විදිහට මම කවදාවත් අපිට කරපු දේට සාප කරන්නේ නෑ." ඇය කියන්නීය.
අපේ මහ ඉඩම තිබුනේ මීගමුවේ මිනුවන්ගොඩ ගුවන් හමුදා කදවුර ඉස්සරහයි. දුවට සල්ලි හදිස්සි කිව්ව නිසා ගොඩාක් අඩුවට තමයි ඒ ගේ විකුණන්න වුනේ. ගේ විකුණපු සල්ලි ටිකත් අරගෙන බඩුත් පටවාගෙන අපි මැදිරිගිරියේ දුව බලන්න ආවා. දුව අපිට කුලියට ඉන්න කිව්වත් අපි එදාවත් දුවට වචනයක්වත් කිව්වේ නෑ. මම අද රටේ ඉන්න සියළුම දෙමවුපියන්ට කියන්නේ වැදුව දරවටවත් ජීවිත බුක්තිය නොතියා ඉඩ කඩම් දේපල වස්තුව ලියලා දෙන්න එපා. එහෙම වුනොත් ඒදාට අම්මා තාත්තට යන ඒනමං නැතුව මහ මගට බහින්න වෙනවා." යැයි ද ඇය කීවාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදකින් මෙහෙමත් දරුවෝ.
දෙමාපියන්ගේ අගය නොදත් මේ "ගොන් දියණිය සහ නරි බෑනාට" මෙලොවදීම මෙහි විපාක ලැබෙනු ඇත.
මේ දුවට සහ බෑනාට, හිතක් පපුවක් නැද්ද, තිරිසන් සතුන් මෙයාලට වඩා හොඳයි
" දෙතනේ කිරිපොවා ඇතිදැඩි කල දුවට ... දහදිය හෙළා දුක්විඳ හැදුවැඩූ පවට ... කරුමය කිමද පළදෙන අසරණ අපට ... අපගේ ලෙයයි අප දැම්මේ මහමගට ... "
තමන්ගේ අම්මා තාත්තා රවටාගෙන ඉන්න ගේ දොරත් විකුනා මුදලුත් ලබාගෙන ගෙයක් දොරක් නැතිව සිටින මව් පියන් තමනිවසින් මහ මගට ඇද දැමීමේ පාපී සිතුවිල්ලක් ඇතිවීම කොතරම් ඛේද ජනකද? තමන් මහළු වියට පත්වූ දවසක තමන්ගේ දරුවනුත් තමන්ට මේ ක්‍රමයටම සලකනු ඇත. මෙලොවදීම විපාක දෙන පාප කර්මයක් සිදුකරගෙන ඇත.
මේ දුවලට යනන අපායක් නැහැ. ජීවිත භුක්තියවත් තියාගෙන ලියල දෙනන තිබ්බේ
ඉන්න තැන හොයලා අසුචි බාල්දියක් ගහනන ඔනි දුවට.
මෙවැනි වැඩ නවත්වන්න නීති හදනන ඔනි සලකන්ඩ බැරිනම් නිවාසයකට දාලා ගෙවීමක් හරි කරන්න ඔනි අසරණ මව්පියෝ
මේ වැඩේ සිංහල බෞද්ධයින් අතරේ නිතර කරන වැඩක්... ලංකාවේ අන්‍ය ආගමිකයෝ තම මවට, පියාට මෙහෙම කරන්නේ නෑ.
බැලූ බැල්මට නම් මහ තිරිසන් ක්‍රියාවක් ... නමුත් දියණියගේ කතාවත් මෙතැන දැම්මා නම් තමයි හොඳ...
මෙම අම්මගේ දියණියගේ දරුවො මෙම සිද්ධිය දකින්න ඇති. මැයත් ඇගේ ස්වාමියාත් කවදා හෝ වයසට යාවි. එදාට ඒ අයටත් මෙහෙම වෙන්න බැරි නැහැ. එදිට සිතට ඇතිවන සිතුවිලි මොවුන් අපාගත වීමට හොඳටම ඇති..
මේ අය පාරට වැටෙන්න වැඩිකාලයක් යන්නේ නැහැ...
මේ වගේ තිරිසන් දරුවන්ට හෙන ගහපන් කියලා කීමේ වැරැද්දක් තියෙනවද?
ඇත්තටම මේ ගෙදර මුණුපුරන් හිටියේ නැද්ද? තමන්ගේ ආච්චි සහ සීයාව එළියට දාද්දී විරුද්ධ වෙන්න. ළමයි හදලා උගැන්නුවාට වැඩක් නෑ.. හොඳ නරක කියලා දෙන්නේ නැතිව... අද සමාජයේ වෙලා තියෙන්නේ ඒ ටික... පාසැල් යවනවා, ටියුෂන් යවනවා, දහම් පාසැල් යවනවා මේ හැමදේම කළත් හොඳ නරක කියලා දෙන්න ඕනේ දෙමාපියන් විසින්... දොස්තරවරු උගත් වුවත් අහිංසක රෝගීන් ඇපයට තබා වැඩවර්ජන කරන්නේ හොඳ නරක නොදැන තමන් ගැන පමණක් හිතන නිසා. නමුත් කසල ශෝධකයින් වැඩ වර්ජන නොකරන්නේ උගත්කමට වඩා එහාගිය හොඳනරක දෙක වෙන්කර හඳුනා ගැනීමට හැකියාව ඇති නිසා. ඉතිං මුලින් හොඳනරක ඉගැන්විය යුතුයි.
මීගමුවේ ගුවන් හමුදා කඳවුර ලඟ ඉඩමක් රුපියල් ලක්ෂ 6ට විකුණුවේ මොකද?. පර්චස් එකක් අඩුම ගානේ ලක්ෂ 10ක් වෙනවා. මම හිතන්නේ ලක්ෂ 60ට විකුණන්න ඇති....
මේ බෞද්ධ රටේ, මේ අසරණ දෙමවුපියන්ට උදව් කරන්න කවුරුවත් නැද්ද?
දෙමව්පියන්ට කළ අපරාධ තමන්ගේ මරණයට පෙර තමන්ටද එසේම පළ දෙයි...
අර ප්‍රසිද්ධ විකට කළුවොත් ඉන්නවා... දෙමව්පියන්ට අපහාසවන අප්‍රසන්න විහිළු කරමින්. ඉතින් මව්පියන්ට සලකන සමාජයක් හැදෙයිද?
ජනපතිතුමනි.., මහලු අයට නිවසක් තනන්න. මේ අයට දඬුවම් කරන්න...
කරුණාකර ඒ අයගේ විස්තර මට එවන්න.. මම උදව් කරන්නම්...!!!
පව්කාරයින්. දුවටයි, පවුලේ අයටයි මෙලොවදීම කරපු පවට විපාක විඳින්නට සිද්ද වෙයි...
කරුණාකර ඒ අයගේ විස්තර එවන්න
දහමින් ඈත් කරල, මනුස්සකම් පෝෂනය නොකර උදේ ඉදන් රෑ වෙනකම් ටියුශන් පංති ගානේයි, මෙලෝ රහක් නැති ටෙලි පඩංගු ටිකයි එක්ක ජීවත් වෙන ලමයිත් හරියට කලුගල් වගේ, උන් තව කෙනෙකුට අනුකම්පා කරනව තියා තමන්ගේ යුතුකම වන දෙමව්පියන්ට සැලකීම වත් අදුරන්නේ නෑ. සමහරවිට මේවගේ ගුනයක් නැති ලමයි බිහිවෙන්න දෙමව්පියනුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව දායක වෙලා තියනව.
හද සසල කරවන පුවතක්... ඔවුන්ට අපේ උදව් අවශ්‍යයි.
මේ දුවේ.. නුඹට ඕවා පලදීම වැඩි දවස් නොයාම ලැබේවි.... නරි බෑනෝ උඹත් ගෙදරින් පන්නන්නේ ඔහොම තමයි. නුඹලාට වැඩිය කැලේ සත්තු හොඳයි...!!!
කරුණාකර ඔවුන්ගේ විස්තර මට එවන්න...
කරුණාකර ඔවුන්ගේ විස්තර මට එවන්න...
මෙන්න නියම නරිබැනලා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නරියෙක් කියන්නෙ තිරිසනෙක්.දුව වුනත් නරියා නෙරිය පුප්පගෙන හු කිව්වත් ඵකම දරුවා හැටියට මොනතරම් දෙමව්පියන්ගේ වැරදි අඩුපාඩු තිබුනත් දැඩිව මෙම දෙයට ඵරෙහිව නොහිටිය ඵක ගැන පුදුමයක් කලකිරීමක් දුකක් දරාගත නොහැකි කනගාටුවක් ඇතිවුනා.අම්මෙ තාත්තෙ ඔබ දෙපල රැවටුනේ නැහැ.අසරණ වුනේ නැහැ.ඵයාලටයි ඵහෙම වුනේ.ඔච්චර දේවල් වෙලත් අම්මේ ඔයා ඵයාලට සාප කලේ නැහැ.ඔයා අම්මා කියන වචනයේ ගෞරවයට භක්තියට හානි කලේ නැහැ.ඔය දෙන්නට හොඳම දවස හෙටයි.ශක්තිමත්ව තාත්තා පුලුවන් විධියට ආරක්ෂා කරගන්න.ඔයාල දෙන්න නිදුක් නිරෝගී සුව ලැබේවා.තෙරුවන් සරණයි!
මම කැමැති බලා ගන්න .කරුණාකර මේ අම්ම සම්බන්ද කර ගත හැකි විදිහක් දෙන්න.
කරුණාකරලා ඒ අම්මලා සම්බන්ධ කරගන්න පුළුවන් අංකයක් මට ඊමේල් කරන්න.
දරුවන්ට හා දෙමව්පියන්ට උදව් කරන්න කැමැතියි. විස්තර ලබාදෙන්න. ඔහොම වෙන්නේ අවබෝධය නැති නිසා.
කෝ අර V8 අරන් මහා උජාරුවට රට වටා යන ස්වාමින්වහන්සේ?
තවමත් දරුවාට ආශිර්වාද කරනවා හොඳක්ම වෙන්න කියලා. මේවා අහලා අඬනවා හැර මොනවා කරන්නද? මෙලොවදීම අවීචි මහ නිරයේ අත්දැකීම ලැබෙන පාපතර දියණියක් සහ බෑනෙක්... මේ දෙමාපියන් කෙතරම් සිතින් මැරි මැරී ඉපදෙනවා ඇද්ද දරුවන් හදාවඩා ගන්න වින්ද දුක් මහන්සිය මතක්වෙලා. පාපතර දරුවෙක්...
මේ දෙමව්පියන් ගැන වැඩි විස්තර දන්වන්න..
ලෝකෙ සිස්ටම් එක ඔහොම තමයි... ඒ නිසා වයසට යනකන්ම ඔහේලා තියෙන දේ භුක්ති විඳිනවලා... අන්තිම මොහොතේ තියෙන දේ කිසිවෙකුට ලියන්න කලබල වෙන්න එපා.. ඔක්කොම ඇවිත් දේපල නිසා රජ සැප දේවි.. ඒක අරං මැරෙනකං ජීවත් වෙන එකයි තියෙන්නේ... මැරුණායින් පස්සේ ඉන්න අය ඔහේගේ දේපළවලට ඇණකොටා ගනීවි. ඒකට ඔහේට රුදාවක් නෑනේ... ඔහේ එතකොට මැරිලා...
මම උදව් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කරුණාකර ඇමතුමක් ලබාදෙන්න.
මේ දෙමව්පියන්ගේ විස්තර, දුරකථන අංක මට එවන්න... මට නවාතැන්, මුදල් සහ ආහාර ලබාදෙන්න පුළුවන්...
හරිම කණගාටුයි . මේ පවුලට මට උදව් කරනන පුලුවන් කොහොමද?