(කේ. බුද්ධික කුමාරසිරි)
කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ග පිටවීමේ දොරටුව ආසන්නයේදී කොළඹ ප්‍රධානතම පාසලක සිසුන් තිදෙනකුට පහර දුන් බව කියන එම පාසලේම සිසුවකුගේ පියකු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
අදාල පාසලේ සිසුන් පිරිසක් රැහුණු විශ්ව විද්‍යාලයේ පැවැති රොබොටික් තරගාවලිකට සහභාගී වී ඇති බවත් එහිදී සිදු වූ කිසියම් අඩුපාඩුවක් සිසුන් පිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇත.
පසුව සිසුන් පිරිස ආපසු එන අතරතුරදී බස් රථය තුළද බහින්බස් වීම් සිදුව ඇත. අධිවේගී මාර්ගය හරහා පැමිණි සිසුන්ගෙන් සිවු දෙනකු කොට්ටාව පිටවීමේ දොරටුව අසලින් බස් රථයෙන් බැස ඇත. එම අවස්ථාවේදී සිසුන් තිදෙනකු එක් සිසුවකුට පහර දී ඇතැයි ද පසුව පහරකෑමට ලක් වූ සිසුවා දුරකතන ඇමතුමක් දී ඒ පිළිබදව තම පියා දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි පියා අනෙක් සිසුන් තිදෙනාට පහර දී ඇති බවත් පොලිස් පැමිණිල්ලෙ සඳහන් වේ.
පහර කෑමට ලක් වූ සිසුන් දෙදෙනකු රෝහල් ගත වී ඇති බවත් හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය
පැමිණිල්ලට අනුව පහර දුන් බව කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 49 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි සැකකරැ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එතකොට අර 3 දෙනෙක් එකතු වෙලා එක ලමයෙක්ට ගහපු එවුන්ව අත් අඩන්ගුවට ගන්නෙ නැද්ද? ඔය දේම පානදුරෙත් උනා. OL එ ලමයට බඩට ගැහුව මුත්‍රා එක්ක ලේ පිට වෙන්න..එත් එ ගහපු ලමයින් මුකුත් කරෙ නැහැ. එතකොට වෙන්නෙ සාමාන්ය මිනිස්සු නීතිය අතට ගන්නව
ජුලී චන්ගෙ අලගලෙන් පස්සෙ හැම එකාම හිතන්නෙ තමන් තමයි නීතිය කියලා. ජය පරාජය එක සේ විඳ ගන්න බැරි "රෝං ජෙනරේෂන්"!