IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සිසු වලියට මැදි වූ පියෙක් පොලිස් කූඩුවේ

(කේ. බුද්ධික කුමාරසිරි)

කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ග පිටවීමේ දොරටුව ආසන්නයේදී කොළඹ ප්‍රධානතම  පාසලක සිසුන් තිදෙනකුට පහර දුන් බව කියන එම පාසලේම සිසුවකුගේ පියකු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

අදාල  පාසලේ සිසුන් පිරිසක් රැහුණු විශ්ව විද්‍යාලයේ පැවැති රොබොටික් තරගාවලිකට සහභාගී වී ඇති බවත් එහිදී සිදු වූ කිසියම් අඩුපාඩුවක්  සිසුන් පිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇත.

පසුව සිසුන් පිරිස ආපසු එන අතරතුරදී බස් රථය තුළද බහින්බස් වීම් සිදුව ඇත. අධිවේගී මාර්ගය හරහා පැමිණි සිසුන්ගෙන් සිවු දෙනකු කොට්ටාව පිටවීමේ දොරටුව අසලින් බස් රථයෙන් බැස ඇත.  එම අවස්ථාවේදී සිසුන් තිදෙනකු  එක් සිසුවකුට පහර දී ඇතැයි ද පසුව පහරකෑමට ලක් වූ සිසුවා දුරකතන ඇමතුමක්  දී ඒ පිළිබදව තම පියා දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි පියා අනෙක් සිසුන් තිදෙනාට පහර දී ඇති බවත් පොලිස්  පැමිණිල්ලෙ සඳහන් වේ.

පහර කෑමට ලක් වූ සිසුන් දෙදෙනකු රෝහල් ගත වී ඇති බවත් හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය 

පැමිණිල්ලට අනුව පහර දුන් බව කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 49 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි සැකකරැ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත 



අදහස් (2)

සිසු වලියට මැදි වූ පියෙක් පොලිස් කූඩුවේ

pakeer Thursday, 13 July 2023 03:50 PM

ඇයි එතකොට අර 3 දෙනෙක් එකතු වෙලා එක ලමයෙක්ට ගහපු එවුන්ව අත් අඩන්ගුවට ගන්නෙ නැද්ද? ඔය දේම පානදුරෙත් උනා. OL එ ලමයට බඩට ගැහුව මුත්‍රා එක්ක ලේ පිට වෙන්න..එත් එ ගහපු ලමයින් මුකුත් කරෙ නැහැ. එතකොට වෙන්නෙ සාමාන්ය මිනිස්සු නීතිය අතට ගන්නව

:       0       43

මැක්ස් Thursday, 13 July 2023 09:11 PM

ජුලී චන්ගෙ අලගලෙන් පස්සෙ හැම එකාම හිතන්නෙ තමන් තමයි නීතිය කියලා. ජය පරාජය එක සේ විඳ ගන්න බැරි "රෝං ජෙනරේෂන්"!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site