
(සුජිත් හේවාජුලිගේ )
සුවසැරිය (1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීපයට පැවසීය.
තානාපති කාර්යාල අමාත්‍යාංශ ඇතුළු විවිධ ආයතන 60කට වැඩි ප්‍රමාණයක් ඇමැති බංගලා ලබා දෙන ලෙස ඉල්ලා ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සියලු ඉල්ලීම් සලකා බලා අවශ්‍යතා සහ ප්‍රමුඛත්වය අනුව බංගලා ලබාදීමට රජය විසින් කටයුතු කෙරෙනු ඇත.
බංගලා ලබාදීමට ප්‍රමුඛත්වය දිය යුතු ආයතන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ ඇමැති බංගලා පනහකට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර මෙම සියලුම බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට රජය දැනටමත් තීරණය කර ඇත. ඇමති බංගලා ආයතන වලට ලබාදීමට පෙර ප්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු කෙරෙන බව රජය සඳහන් කරයි.
මෙම සියලුම ඇමැති බංගලා වල දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා යුද හමුදා බට කණ්ඩායම් යොදවනු ලැබ සිටිති.
COMMENTS
මෙම ආයතනය ද සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත්වෙමින්, මූල්‍ය පාලනයක් සිදු කළ යුතුය. මෙම ආයතනයට සම්බන්ධ වෛද්‍යවරුන් වෙනුවෙන් විශාල මුදලක් අනවශ්‍ය ලෙස වියදම් කරනු ලබයි. එතකොට රජයේ වෛද්‍යවරුන් අමාත්‍යාංශය යටතේ අනුයුක්ත කළ විට, එම මුදල් රජයට ඉතිරිවිය හැකිය. ඒ මෙන්ම, එහි බඳවා ගැනීම් සහ වැටුප් ගෙවීම්ද රජයේ අනුමත ප්‍රතිපත්තිය සමඟ අනුකූලව සිදු කළ යුතුය.
මේ බංගලාවල පස්ස දොරෙන් ඇමති හාමුල බැහැදකින්න ගිය වහල් සෙට් එක දැන් කියන්න එපා මේව ෂෝ කියල. නැත්නම් මේවයින්ද සල්ලි ඉතුරු කරන්නෙ කියල, අර වාහන වෙන්දේසියට කිවිව වගේ, ඒ වාහන වල ඉස්සර ඇමතිල එනකොට කානුවලට බැහැල අප්පුඩි ගහපු උදවිය.
මත්තල වී දැම්මා වගේ ගොන් වැඩ නම් කරන්න එපා...