ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුහර්ශි සිල්වා
කොවිඩ් වසංගතය පැතිර යමින් පවතින මේ කාලයේදී ඒ සදහා දැඩි අවදානමක් ඇති තවත් කාණ්ඩයක් ලෙස ස්වසන රෝගීන් හඳුන්වා දිය හැකියි.
මෙහිදී ස්වසන රොගීන් යනුවෙන් හැඳින්වෙන්නේ ඇදුම, C.O.P.D., බ්‍රොන්කෙක්ටාසස්, ILD වැනි තත්ත්ව වේ. මෙවැනි රෝගීහු සාමාන්‍යයෙන් මාසික සායන සඳහා පැමිණේ. දිගුකාලීන ස්වසන රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා ඔබට මේ වනවිට කොවිඩ් මර්දන එන්නත ගැන ගැටලු ඇතිවිය හැකියි. ඒ හේතුවෙන්ම ඔබ තවමත් එන්නත්කරණයට ලක්වී නැතිව ඇති. කෙසේ වුවද ස්වසන රෝගීන්ට එන්නත ගැන ඇති ප්‍රධාන ගැටලුව වනුයේ එන්නත ලබා ගැනීමේන් රෝග ලක්ෂණ වැඩි විය හැකිද? නොඑසේ නම් එන්නත ගැනීම නිසා වෙනත් සංකූලතා ඇති විය හැකිද යන්නයි.
එහෙත් ස්වසන රෝගියකුට කොවිඩ් -19 ආසාදනය වුවහොත් ඇති වන සංකූලතා අවම කිරීම උදෙසා එන්නත ලබා ගත යුතුම වේ. එම එන්නත කුමන වර්ගයේ එන්නතක් වුවද ප්‍රශ්නයක් නොවන අතර ලැබෙන පළමු එන්නත හැකි ඉක්මනින් ලබා ගත යුතුය. ස්වසන රෝගයකින් පීඩා විඳින ඔබගේ මුල්ම යුතුකම වන්නේ කොවිඩ් -19 රෝගය ආසාදනය වීමෙන් වැලකී සිටීමයි. ඒ සඳහා ඔබ එන්නතේ මාත්‍රා දෙකම නිවැරැදිව ලබා ගත යුතු අතර ඊට පසුවද මෙතෙක් පවත්වා ගෙන ආ සෞඛ්‍ය පුරුදු දිගටම රැකිය යුතු බවද අවධාරණය කළ යුතු වේ.
-සටහන- මාධවී ධර්මරත්න
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ස්වසන රෝගියකුට කොවිඩ් මර්දන එන්නතෙන් ලැබෙන ආරක්ෂාව
Don Tuesday, 21 September 2021 05:28 PM
ඇත්ත වශයෙන්ම අපි දේශීය වෛද්‍ය විද්‍යාව ගැන විශ්වාස කරමු. බොහෝ පවුල් සුවය ලබන්නේ එලෙස ය. ටැබ්ලට්, එන්නත් කිරීම මූලික හේතුවට ප්‍රතිකාර නොකරයි. මෙම ලිපිය මඟින් දක්වා ඇති ඇඟවීම ඉතා වැරදි ය