(ටී.කේ.ජී.කපිල )

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සංවිධානය කළ Aviation Gender Summit - 2023 හී දී " කාන්තාවන් ගුවන් සේවා ක්ෂේත්‍රයට ආකර්ෂණ කර ගැනීම පිළිබඳ " ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ දේව් කෞසල සමරජීව මහතා  ඉදිරිපත් කළ , කෙටි වීඩියෝ නිර්මාණය  , එහිදී ඉදිරිපත් වූ විශිෂ්ටතම නිර්මාණය ලෙස තේරී පත් වී ඇති අතර , ඔහු එම සම්මාන සහතිකය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම සමුළුව ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර " මැරියට් " හෝටලයේ දී පවත්වා තිබුණි .

මෙම තරගාවලිය සදහා ලෝකයේ රටවල් 64 ක් නියෝජනය කරමින් තරගකරුවන් 289 දෙනෙකු සිය නිර්මාණ ඉදිරිපත් කර තිබුණි .

ඒ සියලු නිර්මාණයන් අභිබවා දේව් කෞසල සමරජීව ඉදිරිපත් කළ නිර්මාණය ප්‍රථම ස්ථානයට පත් වී තිබේ .

දේව් කෞසල සමරජීව  "Aviation Voice " සංවිධානයේ නිර්මාතෘවරයා මෙන්ම එහි විධායක අධ්‍යක්ෂවරයා ද වේ.

ඔහු මීට පෙර 2012 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හී දී  ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සංවිධානය කළ සමුළුව අතරතුර සංවිධානය කළ  තරගාවලියේ දී       " කුඩා දරුවන් ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කර ගැනීම " පිළිබඳව වීඩියෝ නිර්මාණයක් ඉදිරිපත් කර තිබූ අතර  , එහිදී ද දේව් කෞසල මහතා  ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි .

දේව් කෞසල මෙම සම්මානය රැගෙන ඊයේ (10)  සවස 03.10 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට , තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පැවැත්වුණි .