(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සිවිල් ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු අද (11) කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයට තබන ලෙස මහේස්ත්‍රාත් අසන්ග බෝදරගම මහතා නියෝග කළේය
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටි එල්ලාවල ලියනගේ ඩන්ස්කන් ප්‍රසාද් පෙරේරා නමැති 48 හැවිරිදි පස් දරු පියෙකි
ඉකුත් 9 වෙනි වැනි දින මෙලෙස ඝාතනයට ලක් වූයේ දුලාංජලී අනුරුද්ධිකා නැමැති පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකි ,ඇය වෛද්‍යවරයකුගේ බිරිඳකි
සැකකරු ඝාතනයට ලක් වූ ගුවන් සේවා නිලධාරිනිය සමඟම වසර ගණනාවක් සමීප සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර ඇය සමඟ හටගත් විරසකයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි අන්තිමට වෙන්නේ .මිනිහා ළමයි 5 දෙනෙක්ගේ පියෙක් .හොඳ නිෂ්පාදනයක් .දොස්තරයා පෙර පවක් ගෙවනවා .ගෑනි කාමය නිසා ජීවිතෙන් වන්දි ගෙව්වා .බුදු හාමුදුරුවන්ගේ කාලේ නම් මේක ඇති ජීවිතේ ගැන කලකිරිලා නිවන් දකින්නත් .ඒත් අපි පව් කරලා වැඩී
මනුෂ්‍ය ඝාතනය වැරැදි දෙයක්. එයට නිසි දඬුවම් දිය යුතුයි. නමුත් මරණකාරියගේ වැරැදි හැසිරීම්වලට මෙවැනි ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවට කාටත් හොඳ පාඩමක්...!
සීමාව ඉක්මවා කාම සැප විදින්න ගියාම වෙනදේ කාටත් හොද පාඩමක්.