IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සංවර්ධන සැලසුම් හදන වේගය ගැන ඇමති අසතුටින්

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන  අධිකාරිය  වාර්ෂිකව නිකුත් කරන සංවර්ධන සැලසුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංවර්ධන සැලසුම් කඩිනමින් යාවත්කාලීන කරන්නැයි ද අමාත්‍යවරයා   උපදෙස් දුන්නේය. 

 වර්තමානයට ගැලපෙන පරිදි මෙම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන විය යුතු බව අමාත්‍යවරයා කීය. 

ඉදිරියේදී වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් සැලසුම් 163ක් සකස් කිරීමට අවශ්‍ය ඉලක්කයක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබේ.

2024 – 2026 දෙවසර ඇතුලත  සංවර්ධන සැලසුම් 66ක් ගැසට් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අතරට මහනගර සභා 6ක්, නගර සභා 14ක්, ප්‍රාදේශීය සභා 46ක් ඇතුළත් යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.



අදහස් (9)

සංවර්ධන සැලසුම් හදන වේගය ගැන ඇමති අසතුටින්

Nimal Wednesday, 03 January 2024 03:29 PM

සැලසුම් හැදුවට ඵලක් තියෙනවද? ඒවා ක්‍රියාත්මක කරන්නේ නැතිව...

:       0       9

S.KarunarathnaWednesday, 03 January 2024 05:46 PM

මේ අදහස ඉතාමත් නිවැරැදියි, මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග සංවර්ධන සැලසුම් හදනවිට ප්‍රාදේශීය සභාවලට අයත් ගැසට් කළ මාර්ග නොසලකා ඒවාට අවහිරකම් ඇතිවෙන ආකාරයට සැලසුම් සකසනවා ඉදිකිරීම් කරනවා. එනිසා නගර සැලසුම් සකසනවා නම් අදාල ප්‍රදේශවල ජනතා අදහස් අරගෙන සැලසුම් හදන්න ජනතාවට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදීම කරන්න. එහෙම නැතුව එකඑකාට ඕනෑ ආකාරයට හොරෙන් හොරෙන් සැලසුම් හැදුවාම කාටවත් ප්‍රයෝජනයක් නැහැ. මුදලුත් නාස්ති වෙනවා...

:       0       0

CHAMINDA Wednesday, 03 January 2024 03:52 PM

අළුත් සංවර්ධන ව්‍යාපෘති ආයෙත් අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ කරපු සංවර්ධන ව්‍යාපෘතිවලින් සංවර්ධනය වුණේ ඔයාලයි, ඔයාලාගේ පවුල්වල අයයි විතරයි. මිනිස්සුන්ට වුනේ බෙහෙත් පෙත්තක්වත් ගන්න බැරි තරමටම සංවර්ධනය වෙච්චි එක විතරයි...

:       0       8

SAM Wednesday, 03 January 2024 04:13 PM

කප්පම් ගන්නවා වගේ එක ටෙලිපෝන් කෝල් එකෙන් ඕවා කරන්න බැහැ.

:       0       12

Amal Wednesday, 03 January 2024 05:29 PM

බඩ තඩි වෙච්චි වේගෙන් රට සංවර්ධනය කරන්න බෑ. මොලේ උඩ වාඩිවෙලා ඉන්නකොට ඔහොම තමයි...

:       0       10

Don perea Wednesday, 03 January 2024 05:31 PM

කප්පම් කරුවෙක් කතා කරයි...!

:       0       7

පප්ප Wednesday, 03 January 2024 05:42 PM

තව ටික කලකින් කප්පම් ගහපු සල්ලිවලින් තමයි සැප ගන්න වෙන්නේ..? මොකද මේ සැරේ මෙයාව ගෙදර යවනවා...

:       0       0

ravin Wednesday, 03 January 2024 07:03 PM

ඉබේම පාස් වෙච්ච කට්ටියට සැලසුම් හදන පිළිවෙල තේරෙන්නේ කොහොමද ?

:       0       0

සල්ලි Thursday, 04 January 2024 07:29 AM

ඔය විදියට තමා මත්තලයි වරායයි හදා ගත්තේ . වෘතිකයන්ට වැඩ කරන්න දියන් . උබ හෙන මොල කාරයෙක් නෙමේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site