(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරිය වාර්ෂිකව නිකුත් කරන සංවර්ධන සැලසුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංවර්ධන සැලසුම් කඩිනමින් යාවත්කාලීන කරන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
වර්තමානයට ගැලපෙන පරිදි මෙම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන විය යුතු බව අමාත්‍යවරයා කීය.
ඉදිරියේදී වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් සැලසුම් 163ක් සකස් කිරීමට අවශ්‍ය ඉලක්කයක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබේ.
2024 – 2026 දෙවසර ඇතුලත සංවර්ධන සැලසුම් 66ක් ගැසට් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අතරට මහනගර සභා 6ක්, නගර සභා 14ක්, ප්‍රාදේශීය සභා 46ක් ඇතුළත් යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලසුම් හැදුවට ඵලක් තියෙනවද? ඒවා ක්‍රියාත්මක කරන්නේ නැතිව...
අළුත් සංවර්ධන ව්‍යාපෘති ආයෙත් අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ කරපු සංවර්ධන ව්‍යාපෘතිවලින් සංවර්ධනය වුණේ ඔයාලයි, ඔයාලාගේ පවුල්වල අයයි විතරයි. මිනිස්සුන්ට වුනේ බෙහෙත් පෙත්තක්වත් ගන්න බැරි තරමටම සංවර්ධනය වෙච්චි එක විතරයි...
කප්පම් ගන්නවා වගේ එක ටෙලිපෝන් කෝල් එකෙන් ඕවා කරන්න බැහැ.
බඩ තඩි වෙච්චි වේගෙන් රට සංවර්ධනය කරන්න බෑ. මොලේ උඩ වාඩිවෙලා ඉන්නකොට ඔහොම තමයි...
කප්පම් කරුවෙක් කතා කරයි...!
තව ටික කලකින් කප්පම් ගහපු සල්ලිවලින් තමයි සැප ගන්න වෙන්නේ..? මොකද මේ සැරේ මෙයාව ගෙදර යවනවා...
ඉබේම පාස් වෙච්ච කට්ටියට සැලසුම් හදන පිළිවෙල තේරෙන්නේ කොහොමද ?
ඔය විදියට තමා මත්තලයි වරායයි හදා ගත්තේ . වෘතිකයන්ට වැඩ කරන්න දියන් . උබ හෙන මොල කාරයෙක් නෙමේ.