
(ගයාන් සූරියආරච්චි)
කොටුව දුම්රියපොළෙහි භික්ෂු විවේකාගාරය තුළ බීමතින් අශෝබන ලෙස චීවරයක් දරාගත් තැනැත්තු හැසෙරන බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබදව විමසීමට ගිය දුම්රිය පොළ පොලිස් මුරපොළෙහි නිලධාරීන් දෙදනකුට පහරදී සපා කා පොලිස් නිලධාරියකුගේ අත තිබූ වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගැසූ බව කියන චීවරයක් දරාගත් තැනැත්තකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි.
මෙහිදී තුවාල ලැබූ එක් නිලධාරියකු රෝහල්ගත කළ බවද පොලිසිය කියයි.
දුම්රියපොළ පොලිස් මුරපොළේ නිලධාරීන් දෙදනකු සහ නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනකුද දුම්රිය පොළ භික්ෂු විවේකාගාරයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම චීවරය දරාගත් පුද්ගලයාගෙන් අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා හැදුම්පත ඉල්ලා තිබේ.
එම අවස්ථාවේදී සැකකරු විසින් ඉතා අශෝභන ලෙස හැසිරී පරුෂ වචනයෙන් බැන හැද සිටි චීවරය ගලවා දමා දිවයෑමට තැත් තිරීමේදී පොලිස් නිලධාරීන් ඔහු අල්ලාගැනීමට උත්සාහ කිරීමේදී වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගසා පොලිස් නිලඇදුමේ කොළරයෙන් ඇද අතින් පයින් පහරදී ඇති බවත් පොලිසිය පවසයි.
එහිදී පොලිස් නිලධාරීන් සැකකරු පාලනය කිරීම සදහා කටයුතු කිරීමේදී එක් නිලධාරියකුගේ අතෙහි මැණික් කටුවට ඉහළින් ලේ ගලනතුරු සපා කා ඇති බව පොලිසිය කියයි.
පසුව රථවාහන රාජකාරියේ සිටි නිලධාරියකු ද තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණ අවස්ථාවේදී එම නිලධාරියාට ද අසල තිබූ වීදුරු බෝතලයකින් කකුලට පහරදී අත සපා කා ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්දෝ කරුමෙකට, මේ ලංකාව ඇතුලේ සර්පයෝ රිංගාගෙන ඉන්න හුඹහක් බවට සිවුර පත්වෙලා... මේ අවාසනාවන්ත තත්වය පාලනය කරන්න හරිහමන් යාන්ත්‍රණයක් හෝ නීතියක් නොමැතිවීම ඛේදවාචකයක්... මේ සර්පයින්ව ආරක්ෂා කරන්න අහිකුණ්ඨකයින් රැළකුත් ඉන්නවා.. ඒ අහිකුණ්ඨකයින් නලාව පිඹින කොට සර්පයින් නටනවා... අපි කුල්මත් වෙලා ඔහේ බලාගෙන ඉන්නවා...
මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් බොහෝදෙනෙක් කොටුව දුම්රියපොළට පැමිණෙන මෙම සමයේ, මෙවැනි ක්‍රියා පිටුපස ඇති අරමුණ කුමක්දැ'යි සොයා බැලිය යුතුයි.
මේ දවස්වල බුදුදහමට අපහාස කරන පිස්සන් තමුන්ට ඕනෑ විදියට එය කරගෙන යාමට ඉඩදීලා. මහනායකලාත් ඒ අයට පිරිත් නූල් බඳිනවා. අනේ ඔය නායකකම උගත් කමේ ගොඩේ පන්සලක පොඩි හාමුදුරු වහන්සේ නමකට දෙන්න...!
දානෙට වඩින්නේත් ඔය අය නේද?
මොකද සිවුරක් ඇඳගෙන කොටුව දුම්රියපොළේ යකා නටලා කියල කියන්නේ? හාමුදුරුවන් වහන්සේ කෙනෙක් කොටුව දුම්රියපොළේ යකා නටලා කියන්න බැරිද?