IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සිවුරු - අඳනකඩ - හමුදා ඇඳුම් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අල්ලයි

(ඩී. කේ. රත්න)
 
වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සිවුරු, අනකඩ සහ යුද හමුදා ඇඳුම් තොගයක් සමඟ මාංචු යුගළක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
 
භික්ෂූන් වහන්සේලා භාවිතා කරන සිවුරු 7ක්, අඳනකඩ 8ක්, කහ පැහැති තුවා 20ක්,  කහ පැහැති කොට්ටඋර 6ක්  සහ ගුවන් හමුදාව භාවිතා කරන කමිසයක්, හමුදා කැළෑ ඇඳුමක් හමුදා මුහුණු ආවරණ කිහිපයක්, මාංචු යුගලක්, හමුදාව කෑලෑ තුළදී භාවිත කරන ශරීර ආලේපන තොගයක් මොවුන් දෙදෙනා සතුව තිබී සොයාගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වැලිමඩ දඹවින්න හද්දාවුල ප‍්‍රදේශයේ පදිංචි හනීපා මෙහොමඩ සාරිෆ් නැමති පුද්ගලයෙකු හා වැලිමඩ බොරලන්ද පාර දඹවින්න පදිංචි මෙහොමඩ් තාහිර් මහරුෆ් නැමත්තෙකි.
 
වැලිමඩ පොලීසිය හා යුධ හමුදාව ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ. 
 
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
වැලිමඩ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



අදහස් (11)

සිවුරු - අඳනකඩ - හමුදා ඇඳුම් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අල්ලයි

ඈපා Friday, 03 May 2019 05:17 AM

මේවත් අර සිවුරුවල පාටට සමාන කර්ටන් රෙදියි කියාවි ද දන්නෙ නෑ..

:       17       276

සේන Friday, 03 May 2019 05:36 AM

ථෙරපුත්තාභය වීරයා වගේ රට වෙනුවෙන් සටන් කරලා පස්සෙ මහන වෙන්නයි ඉඳලා තියෙන්නෙ, හරියට අර කඩුවලින් පල්ලි වටේ තණකොළ කපනවා වගේ. ⁣

:       126       319

ඈපා Friday, 03 May 2019 05:59 AM

මේවා වැරදි විදිහට දකින ත්‍රස්තයොත් ඉන්නවා

:       116       61

රාහුල හිමි Friday, 03 May 2019 06:40 AM

හැබැයි එකක් කියුතුයි. පිරිකර වෙළඳාම කරන අහිංසක මුස්ලිම් මිනිසුන් ගොඩක් ඉන්නවා. එවැනි අයට හිරිහැරයක් නොවේවා

:       425       377

Athula kFriday, 03 May 2019 09:52 AM

පිරිකර වෙළඳාම නොවෙයි පන්සල්වලින් හාමුදුරුවන්ට සල්ලි දීලා පිරිකර එකතුකරගෙන යන මුස්ලිම් වෙළෙන්දෝ ඉන්නවා. නමුත් හමුදා ඇඳුම් කොහෙන්ද?

:       48       112

jayasekara Friday, 03 May 2019 06:59 AM

ඔව් ඔව් ඇපා. මේගොල්ලෝ කොළ කන්නාඩි දාගත්ත ත්‍රස්තොයෝ වෙන්නත් පුළුවන්....

:       7       29

Raveendra Friday, 03 May 2019 07:30 AM

අපගේ ජිවිත කාලෙටම ඇහුවාමයි කඩුවලින් තණකොළ කපන මිනිසුන්. කාවද මේ රවටන්නේ. 225 වූ රෑන රැවටුනත් කල්පනා ශක්තිය යන්තමින් හෝ තිබෙන මිනිසුන් මෙවන් මෝඩ තර්ක නිදහසට කාරනා පිලිගනිවිද ??

:       73       144

ඈපා Friday, 03 May 2019 09:48 AM

ඒක නම් මමත් විශ්වාස කරනවා ජයසේකර.. ඇත්ත කිව්වාම රුස්සන්නේ නැති ඒ වගේ ටිකකුත් ඉන්නවා.

:       1       17

Keppetipola Friday, 03 May 2019 11:20 AM

සමහර හාමුදුරුවරු අටපිරිකර, සිවුරු විකුණන්නේ මුස්ලිම් කඩවලට. සිංහල කඩවලට විකුණුවාම අහුවෙන නිසා... මෙයත් ඒ වගේ කෙනෙක්ද දන්නේ නැහැ.

:       61       28

MoSaturday, 04 May 2019 11:33 AM

කැප්පෙටිපොල, අටපිරිකරේ හමුදා ඇඳුම්, මූණු ආලේපන එහෙමත් ඇති නේද පාත්තරේ එහෙම අයිංකරලා දාලා?

:       0       1

kasun Friday, 03 May 2019 12:25 PM

හැබැයි මේ වෙද්දි මොනතරම් නම් දේවල් අහු වුණාද? ඒවා තියාගෙන, හංගගෙන, සගවලා තියාගෙන හිටිය අය.., පල්ලිවල පූජකයෝ.. අනිකුත් මුස්ලිම් ඒවට සම්බන්ධ අය.. මොනතරම් හිටියත් එවුන් අහු වුනත් අපේ රටේ තියෙන නීතියේ හිල්වලින්, ඒවට උදව් කරගෙන ඉන්න මුස්ලිම් ජාතික දේශපාලකයන්ගේ නාමයෙන් මොවුන් ඔක්කොම වැඩි කාලයක් නොයාම ආපහු එළියේ.. දැනටමත් එවන් අය මුදා හැරලා, දර්ගා ටවුන් වල වගේ පැතිවල වෙන සිද්දි හරියට වාර්තාවීමක් නෑ. ඔබලා සිතා බලන්න මේවා එක දිනකින් දෙකකින් එකතු කරලා හංගලා තියන් හිටපු ඒවද.? නෑ, දැන් බොහෝ කාලයක් තිස්සේ මේ සෙල්ලම කරගෙන ගියා.., අර දේශපාලකයන් මීටින් වල එක එක කතා කියමින් අපේ එවුන් රැවැට්ටුවා. දැන් පේනවද වෙලා තියෙන දේවල්...?

:       8       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site