IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ස්වීඩනයේ දී කුරාණය ගිනි ලෑම ජනපති හෙලා දකී

(අංජුල මහික වීරරත්න)

ස්වීඩනයේ දී කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එවැනි ක්‍රියා ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ගෝලීය හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (17)

ස්වීඩනයේ දී කුරාණය ගිනි ලෑම ජනපති හෙලා දකී

Hasith Wednesday, 12 July 2023 10:19 AM

රනිල්ට රිදුණු තරම් ... නම් කාටවත් රිදිලා නැතුව ඇති... ආගමට පුදුම භක්තියක්නේ තියෙන්නේ...! 

:       2       45

Nimesh Wednesday, 12 July 2023 10:25 AM

අදහස් ප්‍රකාශ කරන උදවිය පස්සේ CID එක එවන පින්පතිම තමයි ලෝකෙට මෙහෙම බණ කියන්නේ...

:       2       44

Susantha Wednesday, 12 July 2023 10:30 AM

මෙම සිද්ධිය ආගම් ඇදහීමේ නිදහසට නම් බාධාවක් වෙන්න බෑ. මෙය හුදෙක් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දැන්වීමක් පමණයි. මෙය නොකර හිටියා නම් වඩාත් හොඳයි. එම රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට දෙන තැන ගැන අපි සතුටු වෙන්න ඕනේ. අපේ රටේ මෙම නිදහස නැහැනේ. නිදහස අවශ්‍ය වෙන්නේ බයිබලය හෝ කුරානය හෝ ත්‍රිපිටකය හෝ ගිනි තියන්න නෙවෙයි. අනෙකුත් කාරණා සඳහා නිදහසේ අදහස් දැක්වීමට නිදහස අවශ්‍යයි. අපේ ජනාධිපතිතුමා ඒ ටික තේරුම් නොගන්න එකයි ප්‍රශ්නය.

:       2       48

විජිත් Wednesday, 12 July 2023 04:19 PM

කොහොමද අපේ ජනාධිපති වෙන්නේ? අපි කවුරුත් මිනිහාට ඡන්දෙ දීලා නැහැ...! රනිල් කියන්නේ ලෝක හොරු 134 දෙනෙක් විසින් අනීතික ලෙස පත්කර ගත්තු මිනීමරු බැංකු හොරෙක් පමණයි.

:       0       17

ලුම්බිණි Wednesday, 12 July 2023 10:51 AM

ප්‍රධාන මුස්ලිම් රටවල් වල නායකයෝ වත් මේ සිද්ධිය ගැන අදහස් පල කරලා නැහැ.

:       3       48

යෝගා Wednesday, 12 July 2023 11:26 AM

මම මේක කිව්වේ මුස්ලිම් ඡන්ද බලාගෙන නම් නෙමෙයි ඔන්න...!!!

:       1       46

J R Randeniya Wednesday, 12 July 2023 11:45 AM

මූට පිස්සු. මෙහේ එවරස්ට් කන්ද වගේ ප්‍රශ්න තියෙද්දි කොහේවත් තියෙන පොල් කෙන්දේ ඇදේ හොයනව...

:       1       47

Hasith Wednesday, 12 July 2023 11:58 AM

ලංකාවේ මිනිස්සුන්ගේ මන්ද මානසිකත්වය ලෝකෙට පෙන්නුම් කරන තවත් මෝඩ කතාවක්... රටේ ඉන්න මිනිස්සුන්ට එදාවේල කන්න දෙන්න බැරි පාලකයින් ලෝකයේ ඉතා ඉහළින්ම ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස තියෙන රටක වෙන වෙන දේවල් ගැන කතා කරනවා. රනිල් මේකෙන් බලාපොරොත්තුවන මුස්ලිම් ඡන්ද ටික ලැබෙනවා නම් ඉතින් මේ රටට දෙයියන්ගේම පිහිටයි.

:       0       25

de silva Wednesday, 12 July 2023 12:12 PM

මුස්ලිම් මිනිස්සු ඔබ හිතන තරම් මෝඩ නැහැ... මුස්ලිම් මිනිස්සුන්ගෙන් 90% කොරෝනා කාලේ ලෝකයේ කිසිම රටක නොකළ විදිහට ලංකාවේ මළමිනී පුච්චපු නිසා රාජපක්ෂලා එක්ක සම්බන්ධ කිසිම කෙනෙකුට ලබන මැතිවරණ වලදී ඡන්දෙ දෙන්නේ නැහැ.

:       7       16

Bamunuarachchi Thursday, 13 July 2023 10:36 AM

ඔව් ඔව් සිල්වා අපි දැක්කා අටුලුගම හම්බ සෙට් එක පාරේ කෙල ගගහා ගිය හැටි

:       1       2

Bamunuarachchi Thursday, 13 July 2023 10:38 AM

රාජපක්ෂලා වැඩකලේ හම්බසෙට් එකේ චන්ද බලාගෙන නොවෙයි. සිංහල බෞද්ධ චන්ද බලාගෙන.

:       1       2

පිටරැටියා Wednesday, 12 July 2023 02:48 PM

රට ගැනවත් ඔයතරම් අනුකම්පාවක් නැතුව ඇති...

:       0       12

Prase Wednesday, 12 July 2023 04:13 PM

පල්ලිවලට බෝම්බ දාද්දී හෙළාදකින කවුරුවත් නෑ කියන්නකෝ...

:       0       10

Bamunuarachchi Wednesday, 12 July 2023 10:22 PM

ඔහෙලා තමයි මේ බෞද්ධ රට කෑවේ. කුරානය ගිනිතියල මදි හම්බයින්ට නළලේ අළු ගාගන්න කියන්න.

:       0       1

don Thursday, 13 July 2023 03:28 AM

තමන්ට අයිති ඕනම පොතක් යම්කිසි දෙයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තමන්ට අයිතියක් නැද්ද? මේ විරුද්ධ වෙන්නේ ඒකට කියලයි මගේ අදහස...

:       0       1

don Thursday, 13 July 2023 03:32 AM

මට බැරිද මගේ බයිබලය, ත්‍රිපිටකය, කුරානය කියන පොත් අයිති මට නම් මට ඔය වගේ දෙයක් කරන්න.

:       0       0

Bamunuarachchi Thursday, 13 July 2023 10:42 AM

Swedish මිනිස්සු බමුණුආරච්චි ගේ කථා අහලා වගෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site