
(අමිල චින්තක ගමගේ සහ කෝෂි ද සොයිසා)
සේවකයන් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් පෙරේදා (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් තැපැල් සේවකයන් ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගය සියයට 90 ක් සාර්ථක බව ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවැසීය.
ලංකාවේම තැපැල් මධ්‍යස්ථාන සියයට 80ක්ම වසා තිබූ බවත් විවෘතව තිබූ තැපැල් කාර්යාලවල ද කිසිදු මහජන සේවාවක් සිදු නොවූ බවත් බණ්ඩාර මහතා කීය.
සේවක ගැටලුව ඉක්මනින්ම විසඳන ලෙස ජනාධිපතිවරයාට සංදේශයක් බාර දුන් බව ද එයට යහපත් ප්‍රතිචාරයක් ලැබෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.
අද 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි තැපැල් සේවකයන් සේවයට වාර්තා කරන බව ද එහෙත් ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන්නේ නම් 24 වැනිදා සිට නැවත අඛණ්ඩව වැඩ වර්ජනයේ යෙදීමට තම සංගමය බලාපොරොත්තු වන බව ද තැපැල් සේවක වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළේය.
මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු හත්දාහක් පමණ තිබෙන බවත් තැපැල් කටයුතු අකර්මණ්‍ය නොවී පවත්වා ගැනීමට අවම වශයෙන් සේවකයන් දහසක්වත් බඳවා ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීම් කරන බවද ඔහු කීය.
වැඩ වර්ජනය සම්බන්ධව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරුද්ධ ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ තැපැල් ස්ථානාධිපතිවරයාගේ සිට නියෝජ්‍ය තැපැල්පති දක්වා සෑම නිලධාරියකුම අසනීප නිවාඩු වාර්තා නොකර මුළු රටේම තැපැල් කාර්යාල ඒ ආකාරයටම පවත්වාගෙන ගිය බවයි. ඒකාබද්ධ වෘත්තිය සමිති පවසන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුවේ තිබෙන පුරප්පාඩු හිඟය පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය. එම සංගමය වැඩ වර්ජනය සඳහා සහයෝගය ඉල්ලා සිටියද මේ අවස්ථාවේ ඒ සඳහා සහයෝගය පළ නොකළ ද වර්ජනය සඳහා සාධාරණ හේතු තිබෙන බව පිළිගන්නා බව ද ඔහු සඳහන් කළේය.
තැපැල් සේවකයොත් අසනීප නිවාඩු
2024-06-12
22:08
(නිමල කොඩිතුවක්කු)
තැපැල් සේවකයින් අද(12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.
සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවකයෝ නැතුව තැපෑල කොහොමත් අකර්මන්‍යයිනම් උබලගේ වර්ජනෙන් වැඩක් නෑනේ.....
කුහක පාටියේ කාඩර්ලට කරන්න පුළුවන් ලොකුම දේ තමයි කඩාකප්පල් කිරීම තුළින් රජය අප්‍රසාදයට පත්කිරීම . මේ වර්ජන රැල්ල ළඟ එන ඡන්දෙ පහුවෙනකන්ම යාවි . මුන් නාස්තිය දුෂණය ගැන කතා කරන්නේ නමුත් අවුරුද්දකට දවස් කියක් වර්ජන කරමින් වැටුප ගන්නවද? පුළුවන් නම් වැටුප නොගෙන හිටපල්ලකො . මේ මගුල් විකුණන එකම තමයි හොඳ . මොකද මුන් හොර හැත්තක් . පඩි ගත්තට එකෙන් බාගෙකට වත් සරිලන වැඩක් කරන්නේ නැහැ .
මෙහෙම අසනීප වෙන්න ගෝඨාභය ජනාධිපති කාලයේ කොවිඩ් රෝගය සදහා බලහත්කාරයෙන් (කොවිඩ් කාඩ්පත නැතුව ප්‍රදේශයෙන් පිටතට යාම ප්‍රශිද්ධ ස්ථාන හා රජයේ ආයතන වලට ඇතුල්වීම තහනම් වෙනවා කියලා කරපු ප්‍රචාරය නිසා බලහත්කාරයෙන් කියලා කිව්වෙ ) සිදුකළ එන්නත් නිසා තමයි ඒවායේ විපාක දැන් දැන් ජනතාව විදිනවා එන්නත නොගත් කිසිවෙකුට කිසිම අසනීපයක් නැහැ රජයේ සේවයේ ඔක්කොමලා ලෙඩ්ඩුවෙලා එනිසා එම එන්නත අනිවාර්ය කිරීම මුලින්ම යෝජනා කල එකාටත් එය අනුමත කළ හා ප්‍රචාරය කල හැම එකෙකුටමත් කිසිදාක කිසිම සෙතක් වෙන්නෙ නැහැ දැන් නම් කරන්න තියෙන්නෙ අසනීප සේවකයින් සියලු දෙනාම අයහපත් සෞඛ්‍ය තත්වය මත විශ්‍රාම ගැන්වීම තමා
තැපෑල අඩපණ කරන්නේ සේවක වෘත්තීය සමිතිවල නොසන්ඩාල වැඩ. හැමදාම වර්ජන තර්ජන... ඔය වගේම තමා ලංවිම සිපෙට්කෝ වරාය ජල සම්පාදන.... නමුත් දැන් දෙකක් දියවෙන්න පටන්ගත්ත.. ඔය සියල්ල එසේම විය යුතුය .. නිකම්ම පඩිගන්න තත්ත්වයට රාජ්‍ය සේවය ජරාජීර්ණ කලේ වෘත්තීය සමිති....