(රෝෂන් තුෂාර)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන අතරතුර නිරා ආහාරව සිටීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ සැකකරු ආරම්භ කර තිබූ ආහාර වර්ජනය කිරීමේ උපවාසය අවසන් කිරීමට තීරණය කර ඇති බව ඔහුගේ නීතිඥවරයා සනාථ කළේය.

නීතිඥවරුන් විසින් නැවත නැවතත් ලබාදුන් උපදෙස් හා කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් උපවාසය අවසන් කිරීමට තීරණය කර ඇති බව පැවසේ.

තම නිර්දෝශී භාවය වෙනුවෙන් සටන් කිරීමට නම් ජීවත්ව සිටීම අත්‍යාවශ්‍ය බව ඔහු විසින් තීරණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය පිළිබඳව ඔහුගේ වෛද්‍ය කණ්ඩායමට මෙන්ම විමර්ශන කටයුතු භාර නිලධාරීන්ටද දැනුම් දී ඇත.