
ඉස්ලාම් දහමට නිගරු කළ ලේඛකයකු ලෙස මරණ තර්ජන එල්ල වී සිටි, සල්මන් රුෂ්ඩි පිහි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලැබුවේය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුෂ්ඩි මරණ මංචකයේ සිටින බවය.
75 හැවිරිදි සල්මන් රුෂ්ඩි, පිහි ප්‍රහාරයට ලක් වූයේ ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ, ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයක් පැවැත්වීමට ගිය විටය.
පිහි ප්‍රහාරයෙන් රුෂ්ඩිගේ එක් ඇසකට හානි සිදුවී ඇති බවත්, එම ඇස ඔහුට අහිමි වනු ඇති බවත් වෛද්‍යවරු පවසති.
සිද්ධිය දුටු පිරිස පවසන ආකාරයට ප්‍රහාරයකයා, තත්පර 20 ක් තුළ රුෂිඩිගේ බෙල්ලට, බඩට සහ ඇසකට තුවාල සිදු කර තිබේ.
රුෂ්ඩි, ෂිටෝකා අධ්‍යාපන ආයතනයට පැමිණ, දේශනය සඳහා වේදිකාවට ගොඩවී, දේශනය ආරම්භ කිරීමට සූදානම් වෙද්දී ප්‍රහාරයට ලක් වුණු බව ද පැවැසෙයි.
වේදිකාවට කඩා වැදී, ක්ෂණිකව, රුෂිඩි ට පිහි ප්‍රහාරය එල්ල කළේ 24 හැවිරිදි හදී මටාර් නමැති නිව් ජර්සි ප්‍රාන්තයේ තරුණයෙකි. ආරක්ෂක නිලධාරීන් තරුණයා අල්ලාගෙන පොලිසියට බාර දී ඇත.
ලේ විලක් මැද ඇද වැටුණු රුෂ්ඩි, හෙලිකොප්ටරයකින් රෝහල්වෙත ගෙන ගියේය. බරපතල තත්ත්වයෙන් පසුවන රුෂ්ඩි ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කර ඇතැයි ද පැවැසෙයි.
සල්මාන් රුෂ්ඩි, ඉස්ලාම් වැසියන්ගේ උදහසට ලක් වූයේ ඔහු 1988 වසරේ දී ලියා පළ කළ The Satanic Verses කෘතිය හේතුවෙනි. මෙය ඉස්ලාම් දහමට කළ අපහාසයක් යැයි මුස්ලිම් වැසියන් බොහෝ දෙනකුගේ විශ්වාසය වී තිබේ.
පොත එළිදක්වා වසරකට පසු ඉරානයේ එවකට ආධ්‍යාත්මික නායකයා වූ අයතුල්ලා රුහොල්ලා කාමේනී මුස්ලිම්වරුන්ට අණ කළේ සල්මාන් රුෂ්ඩි ඝාතනය කළ යුතු බවය.
රුෂ්ඩි ඝාතනය කරන ඕනෑම අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 3.3 ක් ලබා දෙන බව ද ඉරානය නිවේදනය කර තිබේ.
රුෂ්ඩි ලොව පුරා කීර්තිමක් ලේඛකයකු බවට පත් වූයේ 1981 දීය. ඒ,The Satanic Verses කෘතිය ලියා පළ කිරීමට වසර 7 කට පෙරය. 1981 දී රුෂ්ඩි පළ කළ Midnight’s Children කෘතිය බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේය.
මරණ තර්ජන එල්ල වීමත් සමඟ රුෂ්ඩි වසර ගණනාවක් සැඟවුණු ජීවිතයක් ගත කළේ යැයි ද පැවැසෙයි. මරණ තර්ජනව හේතුවෙන් රුෂ්ඩි ඔහුගේ නිර්මාණ එළි දක්වා ඇත්තේ අන්වර්ත නමයකිනි. රුෂ්ඩිගේ නවතම කෘතිය Victory City ලබන පෙබරවාරියේ එළි දැක්වීමට නියමිතය.
මහා බ්‍රිතාන්‍යය සල්මන් රුෂ්ඩි ට නයිට් පදවියක් පිරිනැමුවේ 2007 වසරේදීය. ඔහු ඇමෙරිකාවේත්, මහා බ්‍රිතාන්‍යයේත් මාරුවෙන් මාරුවට ජීවත් වූයේ පොලිස් ආරක්ෂාවක් යටතේ බව ද පැවැසෙයි.
රුෂ්ඩි ට නයිට් පදවියක් පිරිනැමීම සම්බන්ධයෙන්, මහා බ්‍රිතාන්‍යයට මුස්ලිම් රටවල් බොහොමයකින් දෝෂාරෝපණ එල්ල විය.
රුෂ්ඩි ට එල්ල වුණු ප්‍රහාරය හෙලා දකිමින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම, බ්‍රිතාන්‍යයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බොරිස් ජොන්සන් ද ට්විටර් පණිවුඩ නිකුත් කර තිබේ.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සල්මන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක්
ජවන Saturday, 13 August 2022 06:47 PM
"Religion of peace"