ජල පොම්ප කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන සොලෙක්ස් පසුගිය දා කතරගම ගෝතමීගම ප්‍රදේශවාසීන් සදහා පිරිසුදු ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් කළේය.
මෙම සමාජ ව්‍යාපෘතිය සොලෙක්ස් හි තවත් එක් සන්ධිස්ථානයක් වන අතර මෙම ගම්මානයේ වැසියන් සඳහා “පිරිසුදු පානීය ජලය” ලබා දීමට හැකියාව මෙමගින් ලැබිණි.
ගෝතමීගම, කතරගම නගරයේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටි දුෂ්කර ගම්මානයකි. එහි අඩු ආදායම් ලාභී පවුල් 500කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙති. මෙම ගම්මානයේ පිරිසුදු ජලය සඳහා ස්ථාවර ප්‍රවේශයක් නොතිබූ අතර දූෂිත ජලය පරිභෝජනය කිරීම සාමාන්‍ය සිදුවීමක්ව පැවතුණි. මෙම ව්‍යාපෘතිය සඳහා සොලෙක්ස් නළ ළිඳක් සහ පාලන පුවරුවක් පරිත්‍යාග කර ස්ථාපනය කරන ලද අතර එය අතිශය වියළි ප්‍රදේශයක් බැවින් ස්වාභාවික ජල මූලාශ්‍රයක් සොයා ගැනීම සඳහා අඩි 200 ක ගැඹුරක් කැණීමට සිදුවිය.
සොලෙක්ස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සඳිනි විජයසිරි මෙනවිය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, ඇය දිගු කලක් මුළුල්ලේ ගෝතමීගම ප්‍රජාවට ජලය සැපයීමේ හිඩැසක් දුටුවාය. මෙම ව්‍යාපෘතිය සිදු කරන ලද්දේ කොවිඩ්-19 වසංගතය දැඩිව පැතිර යන කාල පරිච්ඡේදයක බැවින් එම ව්‍යාපෘතියේ සේවය කල සියලු ආයතනික සේවකයන්ට එමගින් දැඩි අවදානම් තත්ත්වයක් පැවතුනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සොලෙක්ස් සමූහයෙන් කතරගම, ගෝතමීගමට පිරිසුදු ජලය ලබා දීමේ සමාජ සත්කාරයක්