(ගයාන් සූරියආරච්චි)

රත්මලාන ගුවන් හමුදා කදවුරේ පුහුණුවීම්වල නිරතව තිබූ Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් එතීම හේතුවෙන් එම ගුවන් යානය නැවත රත්මලාන ගුවන් තොටුපොළට අද  ගොඩබැස්සවූ බව ගුවන් හමුදාව පවසයි.

ඒ හේතුවෙන් පුහුණවීම්වල නිරත ගුවන් නියමුවන් දැඩි අවධානමකට මුහුණු දුන් අතර යානය නැවත ගොඩබැස්සවීමෙන් අනතුරුව යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බව ගුවන් හමුදාව කියයි.