(උපාලි රණවීර)

රජයට අයත් කිරිබත්ගොඩ නගරයේ  ඉඩමකට කූටලේඛන සකසා විකිණීමට තැත් කිරීමේ චෝදනා මත ගම්පහ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනකුට එරෙහිව අධිචෝදනා ගම්පහ මහාධිකරණය දෙක විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ අද (15) බාර දුන්නේය.

ගම්පහ මහාධිකරණය දෙක විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ සමදරි පියසේන මහත්මිය එක් එක් සැකකරුවන්ට අදාළ එම අධි චෝදනා බාර දුන්නාය.

මෙහිදී විනිසුරුවරිය මෙම නඩු විභාගය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට සියලු ලිපිලේඛන හා නඩු වාර්තා අධිකරණය වෙත ගෙන්වා ගන්නා ලෙසට ද රජයේ අධි නීතිඥවරියට නියෝග කළාය.