(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 519 දෙනකු පසුගිය කාලයේදී ( 2021 වසරේ සිට මෙම වසරේ මේ දක්වා) සේවය හැර ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
මීට අමතරව ආචාර්යවරුන් 663 දෙනකු එම කාලසීමාවේදී සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව පැවසූ අමාත්‍යවරයා ආචාර්යවරුන් තවත් පිරිසක් විශ්‍රාම ගොස් ඇතැයිද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.
මම මේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මහාභාණ්ඩාගාරය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළා. විශ්‍රාම ගිය සහ සේවය හැරගිය හැර ගිය පිරිස වෙනුවට පිරිසක් බඳවා ගන්න කටයුතු කරගෙන යනවා. ඒ ටික ගත්තත් තව දාහක් විතර අඩුයි.අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා ඒ සඳහා කටයුතු කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට ඉන්න හිටින්න බැරි තරමට ටැක්ස් ගහලා පැදුරට නොකියා ගිය එක ගැන දුක්වෙන්න එපා...
සරසවි ඇදුරෝ එහෙම රට හැර ගියාට සමහර රජයේ විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුපට අමතරව තවත් රජයේම ආදායම් මාර්ග කිහිපයක් තියෙනවා. මම වගකීමක් ඇතිවයි කියන්නේ... දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදේශකවරයා හිටපු රාජ්‍ය නිලධාරියෙක්. දැන් විශ්‍රාමිකයි. ඒ උපදේශකවරයා දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේත් සාමාජිකයෙක්. වැටුප් සහ දීමනා 3 යි. අනික වැඩේ කොච්චර වැරැදිද?. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්ද? ඇයි එයාම ආණ්ඩුකාරයාගේ උපදේශක වෙලත් ඉන්නවා. ඇත්තටම මේවා මහා අපරාධ. මේ අය ගන්නේ දකුණේ අසරණ ජනතාව ගෙවන බදු මුදල්. මේ අයට නම් කවදාවත් රට හැර යන්න වෙන්නේ නැහැ... මොනවා හරි කරලා සල්ලිම තමයි ඕනෑ. නැත්නම් මෙහෙම නීති විරෝධී විදියට ආයතන දෙකක එකවිට තනතුරු ගන්නවාද? ඉතින් මෙහෙම රටක සාධාරණ මිනිස්සු රට හැර යන එක වැරැදිද? ඇමැතිතුමනි, සොයලා බලන්න මම කියන්නේ බොරුද කියලා...
ඒ අම්බරු රැල නම් රටින් පිට වුණයි කියලා මේ රටට සතේක පාඩුවක් නැහැ. මොකද, ලංකාවේ හිටියයි කියලා ඒ අය බුද්ධිමතුන් හෝ උගත් යහපත් පුරවැසියන් බිහිකෙරුවාද? මේ අයගේ ආකල්ප ගත්තොත්, දියුණු රටක පාර අතුගාන කම්කරුවෙකුටත් වඩා ආකල්ප වලින් නොදියුණුයි, ගෝත්‍රිකයි. යහපත් ආකල්ප ගොඩ නොනැගෙන අධ්‍යාපනයකින් ඇති පලේ මොකක්ද? ලංකාවේ විශ්වවිද්‍යාලයක උගතෙක් කියන්නේ, තනිකරම උද්දච්ඡ නරුමයෙක්.. කාට තිත්ත වුණත් ඇත්ත ඒකයි. ඇත්තම කියනවා නම්, ඇෆ්රිකන් රටක පවා ඒ රටක විශ්වවිද්‍යාල උගතෙක් කියන්නේ යහපත් වැදගත් නුගතුන්ට උපකාර කරන වැදගත් උසස් පුද්ගලයෙක්... ඒ රටවල අනෙක් පුද්ගලයින්ට වඩා ඔවුන් වෙනස්. ලංකාවේ කොහෙද එහෙම වෙනසක්. ඔක්කොම වල් සත්තු...
පිටරට ලක්ෂ 10-20 දෙනකොට මොන ගොනාද මේ රටේ ලක්ෂ 1-2 පඩියට වැඩ කරන්නේ ඒකෙනුත් සෑහෙන ගාණක් ටැක්ස් ගහනවා. ඒ ගහන ටැක්ස් එකත් දේශපාලුවන් හොරා කනවා....
තව නුවර එළියේ විශ්ව විද්‍යාලත් අරින්න හදනවා.
ඉන්න ටිකත් එළවලා දාන්න.. දැන් ඉන්න විශ්ව විද්‍යාල ඇදුරන් වැඩි දෙනෙකුට ඔවුන්ගේම විෂයන් පිළිබඳ ආව වුවත් ප්‍රමාණවත් දැනුමක් නැහැ.. !
මේ ගොල්ලන්ට කොහේද පඳුරු...? මේ ගොල්ලෝ නිදා ගන්නෙම හොඳ මෙට්ට සහ පුළුන් යහන්වල. ඉන්නේ මාලිගාවල්වල...
සංවර්ධිත රටවල්වල රජයේ ප්‍රධාන ආදායම තමයි ව්‍යාපාරිකයින් හා විවිධ රැකියාවල නිරත වූවන්ගෙන් ලබාගන්න බදු ආදායම. අතට ලැබෙන සියලුම මුදල් පොකට් එකට දාගැනීමට පුරුදු වී සිටින ලංකාවේ උගතුන් බදුවලට බයෙන් රටෙන් පලා යාමෙන්ම තේරෙනවනේ ඔවුන්ගේ මහලොකු උගත්කම..? යුරෝපය, ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල රැකියාව මත ගෙවිය යුතු බද්ද දැක්කාම මේ අයට මුහුදට තමයි පනින්න වෙන්නේ. ඒ රටවල පාර අතුගාන කම්කරුවෙක් පවා ඔවුන්ගේ ආදායමට සාපේක්ෂව රජයට බදු ගෙවිය යුතුයි. ඒ නිසා තමයි ඒ රටවල සෞඛ්‍යය, අධ්‍යාපනය, හා ආබාධිත අය වෙනුවෙන් විශාල මුදලක් රජය විසින් වෙන්කොට තිබෙන්නේ.. ඒ වගේම ආහාරවලට අයකරන බදු ඉතාම අල්ප නිසා ඒ රටවල කෑමබීම වල මිල ඉතාම අඩුයි. දුප්පතාටත් බඩ කට පුරා කන්න ලැබෙන්නේ ඒ නිසයි. ලෝකය ගැන මෙලෝ හසරක් නොමැති ලංකාවේ බඩ පිනුම් ගහන බක පණ්ඩිත උද්දච්ඡ ලෝන් මැඩි උගතුන් යයි සිතාගෙන පුද්ගලයින්ට දියුණු රටවල බාලාංශ පාඩම් පොතේ සිටම බොහෝ දේ ඉගෙන ගැනීමට සිදුවෙනු ඇත. අන්න එදාට තේරෙයි, සැබෑ උගතෙකුගේ ස්වභාවය හා ඔවුන්ගෙන්, රටට හා අනාගත පරම්පරාවට සිදුවිය යුතු ජාතික මෙහෙවර...
ඔය ජයවීර මහතා කියන කථාව ඇත්ත නම් වහාම දඩුවම් දෙන්න ඕනෑ. අනික සොයා ගන්න බැරි දෙයක් නොවෙයිනේ. බොරුවට සමුර්ධියයි, අස්සැසිල්ලයි අල්ලාගෙන ඒවා නිවැරැදි කරනවාට වඩා මේ ගසා කන සල්ලි රුපියල් දාහක් දෙදාහක් නොවෙයි. මේවා ලක්ෂ ගණන්... වහාම සොයන්න...