IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සර්වපාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) පස්වරු 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් පසු 2022 දෙසැම්බර් 13 දින කැඳවන ලද පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති අතර ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිතය.

 



අදහස් (4)

සර්වපාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්

sharm warn Wednesday, 25 January 2023 04:55 PM

මරු පොරක්නේ... සංහිඳියාව ගැන කතාකරන්න යන්නේ. මේ පිනාව ගෙදර යවන්නකෝ. රටම සංසුන් වෙන්නේ නැද්ද බලන්න...?

:       6       45

ranjith Wednesday, 25 January 2023 06:01 PM

134 දෙනෙකුගේ කැමැත්තෙන් තනතුරු අරන් සමස්ත රටට බලපාන තීන්දු ගන්නේ කොහොමද?

:       4       68

PereraThursday, 26 January 2023 04:01 AM

පිනාධිපතිට එහෙම කරන්න පුළුවන්

:       0       27

Jagath Wednesday, 25 January 2023 09:04 PM

හොර පාරෙන් ඇවිත් පිං ජනාධිපති වෙච්චි පිංගුත්තරයින් මේ රටේ ජනාධිපති කියලා අපි පිළිගන්නේ නැහැ. මෙයා පවත්වන කිසිම තේරුමක් නැති සර්වපාක්ෂික සමුළුවලින් මේ රටට සතපහක ආයෝජනයක් නැහැ. මොහු කරන ආරාධනා අනිකුත් පක්ෂ පිළිගත්තාට අපට ප්‍රශ්නයක් නෑ. නමුත් පක්ෂ නායකයෙක් හැටියට අනුර කුමාර දිසානායක මේකට සම්බන්ධ නොවිය යුතුයි...

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site