IMG-LOGO

සරල ව්‍යායාම මගින් සිරුරට ලැබෙන වාසි

සරලව, සුවෙන් සිටීමට කෑම බීම වගේම සරල ව්‍යායාමයක නිරත වීමත් දෛනිකව අවශ්‍ය අංගයකි. ඇවිදීම, පිහිනීම, දිවීම මගින් වුවද සිරුරේ සෑම මාංශපේශියකටම හොඳින් ව්‍යායාම ලැබේ. සිරුරේ නම්‍යශීලීතාව රැක ගැනීමේ සිට නිරෝගී දිවි පෙවෙතක් දක්වාම සරල ව්‍යායාම වැදගත් වන්නේ කෙසේද යන්න මෙවරදී දැනුම්වත් වෙමු.

1) ඔබේ බර පාලනය කරයි.

අධික ස්ථුලතාව අද කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම එකසේ බලපාන පොදු ගැටලුවකි. තරබාරුව නොඑසේනම් අධි බර නිසා අපහසුතා මෙන්ම ලෙඩ රෝග ගණනාවකින්ම පීඩා විඳීමටත් සිදුවන බව සත්‍යයකි. එබැවින් අප ගන්නා ආහාරවල ඇති අනවශ්‍ය කැලරි දහනය වීම ව්‍යායාම මගින් සිදුවේ.

2) හෘද රෝග අවදානම අඩු කරයි

හෘද රෝග යනු වයස්ගත පුද්ගලයන්ට පමණක් නොව තරුණ පරපුරද ඩැහැ ගන්නා බෝ නොවන රෝග අතර ප්‍රමුඛස්ථානගත රෝගයකි. නිසි වෛද්‍ය උපදෙස් මත සරල ව්‍යායාමයක නිරත වීම හෘද රෝගීන්ට වුවද කළ හැකි ය.

3) රුධිරගත සීනි සහ ඉන්සියුලින් අවම කෙරේ.

4) දුම්පානයට ඇබ්බැහි වූවන්ට ඉන් මිදීමට සුදුසුම ක්‍රමයකි.

5) මානසික සෞඛ්‍යය, මනෝභාවය වැඩි දියුණු කර ගත හැකියි.

6) සිතීම , ඉවසීමට ඔබ ප්‍රගුණ කරවනවා පමණක් නොව කුසලතා ඔප් නංවාලීමටත් උපකාරී වේ.

7) තාරුණ්‍යය රැක දේ.

8) සන්ධි රෝග වැනි රෝගාබාධවලින් ඔබ ඈත් කර තබයි.

එබැවින් ඔබ කොපමණ කාර්යබහුල වුවත් සරල ව්‍යායාමය අපට අත්‍යවශ්‍ය බැව් වටහා ගත යුතුය. සෑම දිනකම ඔබට පහසු වේලාවක් තෝරා ගෙන විනාඩි 30ක් පමණ නොකඩවා ව්‍යායාම් කිරීමට හුරු වන්න. එම විනාඩි 30 තුළ කඩින් කඩ ව්‍යායාම කිරීම සිදු නොකරන්න. දහදිය පිටවන තුරුම හොඳින් සහ නිවැරැදිව ඔබ ව්‍යායාමයක නිරත වන්නේ නම් නිරෝගී පුද්ගලයකු ලෙස ඔබට ලැබෙන ප්‍රතිලාභ අසීමාන්තික බවද කිව යුතුමය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

සරල ව්‍යායාම මගින් සිරුරට ලැබෙන වාසි

dusanthayagahavita Wednesday, 16 March 2022 05:59 AM

ඉතා හොඳ පුවතක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site