(සුමිත් පොතුපිටිය)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් මුහුණු පොතේ පළවෙද්දී එයට ප්‍රතිචාර එක් කළ පුද්ගලයකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකරන බව සිරිල් ගාමිණි පියතුමෝ පවසති.
අපි ඊයේ නිදහස සැමරුවා. අපිට තියෙන නිදහස මොකක්ද . භාෂණයේ නිදහස අන්තර් ජාතික මූලික මිනිස් අයිතිවාසිකමක්. එවැනි සමාජයක අපි ජීවත් වෙන්නේ. අදහස් ප්‍රකාශ කළාම පොලිසියට සී.අයි.ඩී යට ගෙන්වනවා නම් අදහස් ප්‍රකාශ කරන්න ජනතාව මැලිවෙනවා.
අපේ අයිතිවාසිකම්වලට ගරුකරන්න ඕන.
අපි භාෂණයේ නිදහස පාවිච්චි කරන්නේ කාගෙවත් නම කැතවෙන්න නොවෙයි. ඒ වගේ අවස්ථා වලදී අහිංසක මිනිස්සු රස්තියාදු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට ඔබින්නේ නෑ.
අපිට කියන්න තියෙන්නේ භාෂණයේ නිදහස ආරක්ෂා කරන්න. පොලීසියට සීඅයිඩී එකට ඊට වඩා තියෙනවා කරන්න. විමර්ශන හරියට කරන්න කියලා ඉල්ලා සිටිනවා.
කතෝලික ක්‍රියාකාරියකු වන පන්නිපිටියේ පදිංචි එම පුද්ගලයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් පියතුමන් විසින් මෙසේ කනස්සල්ල පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd