
(යොහාන් භාසුර)
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව කැප වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවේ දෙවන දිනය වන කොළඹ රත්නදීප හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද (16) ආරම්භ කෙරිණ.
”විවිධත්වයෙන් හා අවස්ථාවන්ගෙන් පිරි කලාපයක් හරහා සූර්ය බලශක්ති සහයෝගීතාව ඉදිරියට ගෙන යාම” යන තේමාව යටතේ පැවති මෙම සැසිවාරයේ සම සභාපතිත්වය ශ්‍රි ලංකාව දැරීය.
ශ්‍රී ලංකාව සහ අයි.එස්.ඒ. කලාපීය කමිටුව අතර දේශීය හවුල්කාරිත්වය සනිටුහන් කරමින්, නිල මාර්ග සිතියම් රාමුවට අත්සන් තැබුණූ අතර, එය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුවිය.
සූර්ය බල තාක්ෂණය හරහා කලාපීය දියුණුව සහ විවිධ සමාජ-ආර්ථික කටයුතු සඳහා සූර්ය බලය භාවිත කිරීමට ප්‍රායෝගික විසඳුම් ඇතුළත් විශේෂ සූර්ය බල නවෝත්පාදන ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරිය එක්වූවාය.
අග්‍රාමාත්‍ය එහිදී වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.
“කලාපීය සූර්ය බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, තිරසාර සංවර්ධනය තුළින් බලශක්ති සුරක්ෂිතභාවය අත්කර ගැනීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා, අයි.එස්.ඒ. අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ආසියා - පැසිෆික් කලාපයේ නියෝජිතයන් ද, රටවල් 124ක සාමාජිකයන් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝලාර් වලට ගෙවන ගාන අඩුකරන්න ප්‍රතිපත්ති තීරණ අරගෙන, සෝලාර් හබක් කරලා දැන් බයිලා ගහන්න එපා...
සෝලා පැනල් වලටත් ලෝකෙ නැති බදු ගහ ගහා, විදිලි බලමණ්ලයේ මගඩි වලටත් ජනතාව යටත් කරලා ලෝකෙට හූ මිටි තියලා වැඩක් නෑ. මිනිසුන්ට දරන්න පුලුවන් විදිහට මේ පද්ධති දෙන්න සැලැස්සුවා නම් රටම සූර්ය බලය ගන්නවා.
අපේ අගමැතිනි නෝනා එක්කෝ මාලිමා රජයේ නෙවෙයි, නැත්නම් ලංකාවේ නෙවෙයි, එහෙමත් නැතිනම් මේ ලෝකෙත් නෙවෙයි ඉන්නේ. එයාගේ ආණ්ඩුවෙන් අපිට කියනවා ගෙවල්වල දැනට තියන සූර්ය පැනල් පවා පාවිච්චි කරන්න එපා කියලා. අර කියන්න වගේ ගෙවන ගානත් අඩු කරනවා එයාලගේ CEB එකේ අයට වැඩ බැරි නිසා. මෙයා දැන් කියනවා එයා සූර්ය තාපයෙන් වැඩගන්න හැටි. මේ නම් අපේ ලංකාවේ අගමැතිනි වෙන්න බෑ. නැත්නම් ඉතින් ටොම් පචයගේ නංගි කෙනෙක් වෙන්න ඕනෑ...
කටට එන එන දේ තැන තැන කියන එක නෙවෙයි අගමැතිකම කියන්නේ. ජූලි ඡන්ද බලෙන් තැනකට ආවට වැඩ පුලුවන් වෙන්නෙ නැහැ. නිකං නැටවෙන රෑකඩයක්. ජූලි ගියාම මෙයාට වෙන දේ බලමු.