IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


සූර්ය කුණාටුවෙන් චන්ද්‍රිකා අඩපණ වෙලා

ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත්, එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් වාර්තා වේ.

මේ බව තහවුරු කර ඇත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. ‘ස්පේස් එක්ස්’ යනු ඇමෙරිකා බිලියනපති ව්‍යාපාරික එලොස් මස්ක්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන සමාගමය. ‘ස්පේස් එක්ස්’ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන්නේ නාසා ආයතනය සමඟ ඇති කරගත් කොන්ත්‍රාත්තුවකට අනුවය. 2024 වසරේ නාසා ආයතනය යළි සඳට යනු ඇත්තේත් 2035 වසරෙන් පසු අඟහරු යනු ඇත්තේත් ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ හවුලේය.

සූර්ය කුණාටුවෙන් තම චන්ද්‍රිකා 40 ක් හෝ 49 ක් අක්‍රිය වී පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි ‘ස්පේස් එක්ස්’ සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ‘සූර්ය කුණාටු’ යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයාගේ සිට විහිදෙන විකිරණ සහ චුම්බක තරංගය. අක්‍රිය වුණු චන්ද්‍රිකා යළි පෘථිවි වායුගෝලයට ඇතුළු වී ගිනිගෙන බහළට වැටීමට ඉඩ ඇති බව ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

සූර්ය කුණාටුවෙන් චන්ද්‍රිකා අඩපණ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site