
(අජිත්ලාල් ශාන්තඋදය සහ ලසන්ත නිරෝෂණ)
සිරිපා වන්දනා සමය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කරතිබූ සධාතුක කර`ඩු, සුමන සමන් දේව ප‍්‍රතිමා සහ පූජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරයට වැඩම කරවීමේ කටයුතු නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් මත සිදු කළ බව ශ‍්‍රීපාදස්ථානාධිපති, රත්නපුර මහ දිසාවේ ප‍්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි පැවසූහ.
සුමන සමන් දේව ප‍්‍රතිමා සහ පූජා භාණ්ඩ සිරිපා මලූවෙන් ආපසු වැඩම කරවීම අවස්ථා දෙකක දී අද සිදුකරනු ලැබීය.
ඒ අනුව උදෑසනින්ම රත්නපුර සහ කුරුවිට එරත්න පාර ඔස්සේ වැඩම කර තිබූ සධාතුක කර`ඩු, දේව ප‍්‍රතිමා සහ පුජා භාණ්ඩ ආපසු වැඩම කරවන ලදී. ඒවා රත්නපුර ශ‍්‍රී පලාබද්දල ශ‍්‍රීපාද රාජමහා විහාරස්ථානය වෙත පාගමනින් වැඩම කරවනු ලැබීය.
එම පූජාභාන්ඩ දහවල් 11.30 පමණ වනවිට ශ‍්‍රී පලාබද්දල ශ‍්‍රීපාද රාමහා විහාරස්ථානයට ළඟවිය. එතැන් පටන් අලංකාරව සැරසූ රථ දෙකකින් එම පූජාභාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා මාරු... වෙන ආගමක මේ වැඩේ කළොත්? මේ වගේ අවධියක? කුහක කම කියන්නේ ඕකම තමයි