IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සරත් එන්.සිල්වාට එරෙහි පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල් තබයි

(තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ)

මහජන රැළියකදී සිදු කළ ප‍්‍රකාශයකින් අධිකරණයට  අපහාස කර ඇතැයි කියමින්  හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාව පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කිළේය.

එම පෙත්සම එල්.ටී.බී.දෙහිදෙණිය , එස්.තුරෙයිරාජා සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් යුත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

මෙම පෙත්සම පවත්වාගෙන යෑමට නීතිමය පදනමක් නොමැති බව වගඋත්තරකාර පාර්ශ්වයෙන් මීට පෙර අධිකරණයට මූලික විරෝධතාවක් ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම මෙලෙස කල් තබන ලදී.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර,  ප‍්‍රශාන්ත ගුණවර්ධන සහ මහාචාර්ය හේවා වඩුගේ  සිරිල් යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් දෙසැම්බර් මස තුන්වනදා මරදාන ප‍්‍රදේශයේ පැවති මහජන රැළියකදී කරුණු දැක්වූ හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව දැක්වූ අදහස් තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

එමෙන්ම ඉකුත් ඔක්තෝබර් මස 18 වැනදා ද පුවත්පතකින්ද ඔහු මේ ආකාරයේ අධිකරණයට අපහාසාත්මක ප‍්‍රකාශයක් සිදු කර ඇති බවද පෙත්සම්වලට සඳහන් වෙයි.

එම ප‍්‍රකාශ තුළින් අධිකරණය හමුවේ පවතින කරුණක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයා අදහස් පළ කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම ප්‍රකාශය තුළින් අගවිනිසුරුවරයා අපහාසයක් සිදු කර ඇති බවද චෝදනා කළේය.

හිටපු අගවිනිසුරුවරයාගේ මෙම ක‍්‍රියාකලාපය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

සරත් එන්.සිල්වාට එරෙහි පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 77 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 353 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site