(රංජන් කස්තුරි)
පාසල් සිසුන් සඳහා මේ වසරේ ක්‍රියාත්මක කිරිමට යෝජිත සුරක්ෂා රක්ෂණ වැඩසටහනට අදාළ ටෙන්ඩරය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලයට පැවරීමට නැවත වරක් තීරණය කර තිබේ.
මෙම ටෙන්ඩරය අවලංගු කරන්න‘යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 6 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී නියෝග කළ නමුත් පසුව ඒ ගැන සාකච්ඡා කිරීම 7 වැනිදාට කල්දමන ලදි. නවතම වාර්තා අනුව ඊයේ පැවැති රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලයට පැවරීමට නැවත වරක් තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්, ජනාධිපති විමර්ශන ඒකකයේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද එකක්! හෙට තව එකක්!!
ආණ්ඩුවෙන්ම යැපෙන ගමන් එම ආණ්ඩුවට එරෙහි බලවේගත් සමග එකතුව ආණ්ඩුව රටට පිරිහෙන දේ කරනවා. කරගන්නම දෙයක් නැති වුණාම නැවතත් මෙවැනි දේ කරනවා. මේ සියල්ලම මෙතුමා කරන්නේ තමන්ව පොළව යටට යවනවා යයි කී කට්ටියට වාසි අරන් දෙන්නයි. මොනවද මේ දෙකයි පනහේ වැඩ?
නිල ඇඳුම්වලට සල්ලි දෙන එක හොඳ වැඩක්... එතකොට කොමිස් ගහන්න බැහැ. එ්ත් එකබද්ධයේ හොරු එ්කටත් විවේචන රක්ෂණය දීලයි තියෙන්නේ.. ශ්‍රී ලංකා රක්ෂණයට නේද? එ්කත් ආණ්ඩුවේ නේද? හොඳ වැඩක් කරන්න මේ මෝඩයෝ ඉඩ දෙන්නෙම නැහැ.
මේ රක්ෂණය යට ලොකු මුදලක් ඇමතිට ඇති... ජනාධිපති තුමාගේ හොඳ තීරණයක්. විදේශ සමාගමකට මෙය දිය යුතු නැහැ.
අනේ ඇත්තට මම මේ කල්පනා කරේ මේ යහපාලන ආණ්ඩුවට මේ විදියට දරුවන්ගේ රක්ෂණාවරණයෙනුත් කොමිස් කන කැවිල්ල. මොනවා වුනත් ජනාධිපතිතුමාට පහු වෙනකොට හරි හොරු ටිකේ වැඩ ගැන ඉව වැටුන එක අපේ දරුවන්ගේ වාසනාව