(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 1,004 කට විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පැවසීය.
මෙහිදී පිරිමි සිරකරුවන් 989 ක් ද, කාන්තා සිරකරුවන් 15 ක් ද, නිදහස් වීමට නියමිත බව ද ඒ මහතා කීය.
එම සිරකරුවන්ට කොන්දේසි සහ සීමානන්ට යටත්ව මෙම පොදු සමාව ප්‍රදානය කරන බව කී ඒ මහතා පොදු සමාව ලබන සිරකරුවන් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම හෙට (25) නිදහස් කිරීමට නියමිත බව ද සඳහන් කළේය.
බන්ධනාගාර ගතව හෙට දිනට සිරදඩුවම් විදිමින් සිටින සිරකරුවන් හට ගතකරන ලද වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලැබීම, දඩ මුදල් නොගෙවීම මත හෙට දින වන විට සිර දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීම, නියමකර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් හෙට දිනය වන විට ගෙවා ඇති වයස අවුරුදු 65 ක් ඉක්මවා තිබීම සිරකරුවන්ට මෙම සමාව හිමිවන බවත් වසර 40 ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඇති හෙට දිනට එම දඩුවමින් වසර 20 ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඊට අමතරව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති විට ප්‍රජා විශෝධන නිලධාරීයෙකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමේ කාලය ආහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බව මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරකරුවන් 1,004 ට ‘නත්තල්’ සමාව
Achini Sunday, 24 December 2023 10:27 AM
රිලීස් වෙලා ඇවිල්ලා ඕකම තමයි ඉතින් කරන්නේ... ඊට පස්සේ ආයෙ මාල කඩලා, ගෙවල් හොරකන් කරලා, අයිස් ගහලා ඇතුළට යනවා...!