(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ප්‍රදේශයේ උත්සව ශාලාවක කාමරයකට සොරෙන් ඇතුලු වී එහි තිබූ ජංගම දුරකතන තුනක් සොරාගත් පනාගොඩ යුධ හමුදා කදවුරට අනුයුක්ත හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි
සැකකරුවන් දෙදෙනා මත්පැන් පානය කිරීම සදහා අදාල උත්සව ශාලාවට ගොස් සිටි අවස්ථාවේදී ඒ ආසන්නයේම කාමරයක තරැණ කාන්තාවක් සහ තරුණයෙකු නවාතැන් ගෙන සිට ඇති අතර එම දෙපළ නිදාගත් අවස්ථාවේදී එක් සැකකරුවෙකු වහලයෙන් එම කාමරයට බැස මෙම සොරකම සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු සොරකම සිදු කරන අවස්ථාවේදී එම දෙපළ නිදාගෙන සිට ඇතැයි ද අනාවරණය වූ බව පොලිසිය පවසයි.
ලද පැමිණිල්ලක් මත සිදු කල විමර්ශණයේදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ පත්උඩුවන ගාලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 37 හැවිරිදි කෝප්‍රල්වරයෙකු සහ සෙවනගල මයුරාගම පදිංචි 38 හැවිරිදි කෝප්‍රල් වරයෙකු වන බවත් එම සැකකරුවන් දෙදෙනා ම පනාගොඩ යුද හමුදා කාලතුවක්කු ඒකකයට අනුයුක්ත බවද පොලිසිය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සොරකමේ ගිය හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනාට වැඩ වරදී
Bunny Preena Monday, 24 July 2023 11:49 AM
මේවගේ එවුන්ව මොකට හමුදාව්ටා බඳවා ගත්තද මන්දා ?