(ඩයනා උදයංගනී)
දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් දෙවැනි වාරය සඳහා නැවත දැනුම් දෙන තුරු විවෘත නොකරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී තිබේ.
රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි අගරදගුරුතුමන්ගේ මාධ්‍ය අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය ද අනුගමනය කල යුත්තෙ මෙයයි. තවම රජයට සහතිකයක් දෙන්න බැහැ රටෙ ආරක්ෂාව ගැන. විශේෂයෙන් දරුවන්ගේ ආරක්ෂාව සහතික කර පාසල් ආරම්භ කරන්න. නැතිනම් දෙමාපියන් වශයෙන් අපිට සිදු වන්නෙ තත්වය යහපත් වනතුර දරුවන් පාසල් නොයවා ඉන්නයි. බෝම්බ ලොරි කොහෙ තියෙනවද කවුද දන්නෙ. තවතවත් දරුවන් අමාරුවෙ නොදමන්න
මෛත්‍රී රනිල් ගැටුමේ ප්‍රතිපල. ඉන්දියන් බුද්ධි තොරතුරට අවධානය යොමු නොකිරීම, 2016 ඉඳන් මේ සහරන් ත්රස්තවාදියා පිළිබඳව වගකිවයුත්තන්ට දැනුම් දීලත් අවධානය නොකිරීම සහ අත්අඩංගුවට පත්වුවන්ව දේශපාලන බලපෑම් උඩ නිදහස් කිරීම් නිසා අද රටට වුන දේ.
රටේ ආරක්ෂාව තහවුරු නෑ. දේශපාලකයින් වංගු දානවා. කාදිනල් තුමා මේවා හොඳටම දන්නවා. ළමයි කියන්නෙ රටේ අනාගතය. අරක්ෂක හමුදා මගින් ආරක්ෂාව තහවුරු කරන තුරු කිසිම පාසලක් විවෘත කරන්න එපා. කවුද වග කියන්නෙ මොනව හරි වුණොත්? තමන්ගෙම දරුවා මරණ ම්ලේච්ඡයින්ට තවත් දරුවො රොත්තක් මරන එක වැඩක් නෙවෙයි
රටේ වටිනාම සම්පත කියන්නේ මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්. මේ රටේ බලලෝභි දේශපාලකයින්ට නම් මේක කවදාවත් තේරෙන්නේ නැහැ.
හොඳ තීරණයක්. සැබැවින්ම බොහෝ පාසල් තවමත් අනාරක්ෂිතයි. ලංකාවේ බොහොමයක් පාසල් අවට මුස්ලිම් ගම්මාන වගේම පල්ලි තියෙනවා නමුත් මේ වනතෙක් පරික්ෂා නොකළ ප්‍රදේශ විශාල ගණනක් තිබෙනවා. එම නිසා බොහෝ පාසල් අනාරක්ෂිතයි. පාසල් වල ආරක්ෂිත කමිටු පිහිටවලා නිරායුද දෙමව්පියෝ ආරක්ෂාවවට දැම්මත් ඔය වටේ තවමත් තියෙන කඩු අරගෙන පාසලකට පැන්නොත් මොකද වෙන්නේ. හදිසි නොවන්න පාසල් වටේ තියෙන තවමත් පරික්ෂා නොකළ තැන් වහාම ඇඳිරිනීතිය පනවලා ආරක්ෂාව තහවුරු කර පාසල් පටන් ගැනීම බුද්දි ගෝචරය. ත්රස්තවාදියාට එයාගේ දරුවාව නොවටීනම් අන් දරුවන් වටිද? පාසල් වලට ප්‍රහාර එල්ල කර ජනයා කුපිත කිරීම අරමුණකි
අධ්‍යාපන ඇමති පාසැල් දරුවන්ගේ ආරක්ෂාව සහතික කළත්, ඔවුන්ගේ වචන ගැන ඒ තරම් විශ්වාසය තැබිය නොහැකියි. පාසැල් වල අවුරුද්දේ දෙවැනි වාරය අධ්‍යාපනික වශයෙන් ඉතාම කාර්ය බහුල වාරයක්, නමුත් ආරක්ෂාවට මුල් තැන දිය යුතුය. පාසැල් තුල හා අවට ආරක්ෂාව දුන්නට බස් නැවැතුම් පල වල, දුම් රිය ස්ථාන වල සහ මහා මාර්ග වල පෙරවරු 5.00 සිට පස්වරු 3.00 දක්වා දහස් ගණන් පාසැල් දරුවෝ සිටිනවා. මොනවා හරි සිද්ධියක් උනොත් කියයි අපි කොහොමද ඔය හැම තැනකටම ආරක්ෂාව දෙන්නේ කියලා ඇඟ බේරා ගනී
දරුවො කියන්නේ රටේ අනාගතය. ඔයාලට පුලුවන්ද ආරක්ෂාව ගැන සහනයක් ලබා දෙන්න. පාසල් ආරම්භ කරලා දරුවන්ට මොනවා හරි දෙයක් උනොත්