
(මනෝප්‍රිය ගුණසේකර)
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා වන ටෙන්ඩරය ”රිවිදනවි පෞද්ගලික සමාගම” ට දීමට ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි 18 සහ ජූලි 07 වැනි දිනවල කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීරණය කළේය .
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර යන මහත්තම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
සමාජ ක්‍රියාකාරී මිලින්ද ප්‍රශාන්ත මඩුගල්ල මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බලශක්තිය ඇමති කුමාර ජයකොඩි මහතා විදුලි බල මණ්ඩලය, රිවිදනවි පෞද්ගලික සමාගම ඇතුළු පිරිසක් නම් කර ඇත.
මෙගාවොට් 100 සූරිය බලාගාරයක් සියඹලාණ්ඩුව, ඇතිමලේ ප්‍රදේශයේ ඉදිකිරීමට ලංකා විදුලි මණ්ඩලය ටෙන්ඩර් කැඳවූ බව වෙබ් අඩවියක් හරහා දැනගත් බවත් ”රිවිදනවි පෞද්ගලික සමාගම” ඒ සඳහා වැඩිම ලන්සුවද ”ඇතිමලේ වැවිලි සමාගම” අඩුම ලන්සුවද ඉදිරිපත් කළ බව තමන් දැනගත් බවත් සඳහන් කරන පෙත්සම්කරු අඩුම ලන්සුව ඉදිරිපත් කළ අයට ටෙන්ඩරය ප්‍රදානය කළ යුතු බවට ටෙන්ඩර් පටිපාටියේ සඳහන් කරුණු වලට පටහැනිව යමින් වැඩිම ලංසුව ඉදිරිපත් කළ සමාගමට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කර ඇතැයිද සඳහන් කර ඇත.
එය ටෙන්ඩර් පටිපාටියට හා නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බව සඳහන් කරන පෙත්සම්කරු අදාල තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේ ය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන මිල්හන් මොහොමඩ් සහ රුක්ෂාන් සේනාධීර මහත්වරු ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන සාලිය පිරිස් මහත්වරු සමඟ පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවෙකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ටෙන්ඩරයේ පෙත්සමට දින දෙයි