
සියමි සිටි සිමෙන්ති සමූහය (SCCC) සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය අතර පැවති සහයෝගීතාව තවත් වසර තුනක් සඳහා දීර්ඝ කරමින් නව අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කෙරුණු අතර, එමගින් සියමි සිටි සිමෙන්ති සමූහයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ස්ථානවල ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම මූලික කරගත්, 2030 වසරේ INSEE තිරසාර ඉලක්ක සපුරාගැනීම සඳහා සහයෝගය ලබා දීම අපේක්ෂා කෙරේ.
හැකි උපරිමයෙන් ජෛව විවිධත්ව හානිය වළක්වා ගැනීම සහ අවම කිරීම මෙම සහයෝගීතාවේ ප්‍රධාන අරමුණ වන අතර, ඉදිරි වසර 3 තුළ දී ශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය සහ කාම්බෝජය යන රටවල පිහිටා ඇති සියමි සිටි සිමෙන්ති කම්හල්වල කැණීම් සහ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියෙහි දී නොවැළැක්විය හැකි පාරිසරික බලපෑම් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීමට ද මෙම සහයෝගීතාව ශක්තියක් වනු ඇත.
සියමි සිටි සිමෙන්ති සමූහයේ, සමූහ ප්‍රධාන විධායක නිලධාරී අයිඩන් ලිනම් සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ හා ඔසියානාවේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ආචාර්ය ඩින්ඩෝ කැම්පිලාන් යන මහත්වරු තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි සියමි සිටි සිමෙන්ති මූලස්ථානයේ දී මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබූ අතර, ශ්‍රී ලංකාව, කාම්බෝජය හා වියට්නාමය යන රටවල නියෝජිතයෝ අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වූහ.
2018 - 2021 කාල වකවානුව සඳහා අත්සන් තැබුණු මෙහි පළමු අවබෝධතා ගිවිසුමට අදාළ කාලසීමාව තුළ සියමි සිටි සිමෙන්ති සමූහය, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමඟ එක්ව ජෛව විවිධත්ව හානිය අවම කිරීමට සහ නිෂ්පාදන ක්‍රියාවලියේ දී සිදු වූ බලපෑම් සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ අතර, ශ්‍රී ලංකාවේ සියමි සිටි සිමෙන්ති (ලංකා) සමාගම, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමඟ එක් වී අරුවක්කාලු ප්‍රදේශයේ පිහිටා ඇති ගල්කොරි පුනරුත්ථාපනය කිරීම සඳහා කටයුතු කෙරිණි.
එමෙන් ම උණවටුන වෙරළට ඔබ්බෙන් වූ කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ කොරල් විශේෂඥයන්ගෙන් තාක්ෂණික සහය ලබා ගැනීම සහ කන්නෙලිය වන රක්ෂිතය තුළ නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එම සංගමයේ සහයෝගය ලබා ගැනීම ද මෙහි දී සඳහන් කළ යුතු ම ව්‍යාපෘති ලෙස හැඳින්විය හැකිය. තායිලන්තයේ, සියමි සිටි සිමෙන්ති පී. එල්. සී. සමාගම විසින් ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමග එක්ව සම්බන්ධීකරණය කරන ලද, එරට ප්‍රථම ජාතික ව්‍යාපාරික සහ ජෛව විවිධත්ව වැඩසටහන වන Bio-diversity Network Alliance (B-DNA) මගින් තිරසාරත්වය සඳහා ව්‍යාපාරික දැනුවත්භාවය වර්ධනය කිරීමට සහ ධාරිතා වර්ධන හා ජෛව විවිධත්ව සංරක්ෂණය වෙනුවෙන් ජාලගත කිරීම සඳහා සුවිශේෂී සහයෝගයක් ලබා දී ඇත.

2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියමි සිටි සිමෙන්ති සමූහය, ස්වභාවධර්ම සංරක්ෂණයට ගිවිසුමක