IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙයි

(සුමිත් ප්‍රේමතිලක)

චීන රජයේ ආධාර ඇතිව දෙනු ලබන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි 100 දෙනකුට එන්නතේ පළමු මාත්‍රාව පළමු අදියරේදී ලබාදීමට කටයුතු කරන බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉශ්මි මහතා පවසයි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ෂනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය වරුන්වන පියල් නිශාන්ත , ජයන්ත සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනූප පැස්කුවෙල්, සංජිව එදිරිමාන්න ඇතුළු පිරිසක්ද, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර , රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුනසේන ඇතුළු වෛද්‍ය නිලධාරීන් නිලධාරී පිරිසක්ද සහභාගි වූහ.

වයස අවුරුදු 60 ට අඩු අයට එන්නත ලබාදීම සිදුකල අතර , එන්නත ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් විවේචන එල්ල කරමින් නැවත හැරී යන අයුරු ද දැකගත හැකිවිය .

විදේශිකයින් ද එන්නත ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිම විශේෂත්වයකි.

 



අදහස් (4)

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙයි

kanishka rajapaksha Saturday, 08 May 2021 11:19 AM

මුට්ටි පොළවේ ගහලා, ගංගා වලට අතහැරලා, පැණි බීලා, නාලා අන්තිමට ලෝකයේ ඇති නැති සයිනෝෆෝර්ම්, ෆයිසර්, ඇස්ට්‍රාෙසනෙකා යනාදී එකී මෙකී නොකී ලෝකයේ සියලුම එන්නත් හිඟාකාලා මිනිස්සුන්ට විඳින්න වුණා කියන්නකෝ...

:       0       0

Demuni Uduwara Saturday, 08 May 2021 01:42 PM

ලෝක සෞඛ්‍ය සංවිධානය "හදිසි භාවිතය" සඳහා සීනෝෆාම් අනුමත කර ඇති අතර අපගේ නියාමන අධිකාරියද මෙය අක්‍රිය කළ එන්නතකි. ඇස්ට්‍රාසෙනෙකා සහ ස්පුට්නික් වී වෛරස් දෛශික එන්නත් වන අතර ෆයිසර් බයෝටෙක් සහ මෝඩර්නා ආර්එන්ඒ එන්නත් වේ.

:       0       0

සුභාශ් Saturday, 08 May 2021 02:05 PM

කාරුනික ඉල්ලීමක් ... කිසි කෙනෙක් බය වෙන්ට එපා මෙම සයිනෆාම් එන්නතට... මම ඉන්නෙ ඩුබයි වල මේ රටේ බහුතර ප්‍රමාණයක් ලබාගත්තෙ සයිනෆාම් එක.. කිසිම කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ... මේ රට ප්‍රමිතිය ගැන ඉතා උනන්දුවක් දක්වනව. ආවට ගියාට දෙයක් දෙන්නෙ නෑ... ඉතින් මෙහෙ අය හැමෝම වගෙ ලබාගන්නවා.

:       0       0

Chaminda Saturday, 08 May 2021 02:35 PM

මම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වල රැකියාව කරන්නේ. මෙම රටේ සියලුම දෙනාට එන්නත් කරනු ලැබුවේ සයිනෆාම් එන්නතය. නමුත් අපට ලබාදුන් එන්නත එක් අයෙකුට එක කුඩා පෙට්ටියක ඇතුලත 0.5ml අඩංගු එක් කුඩා සිලින්ජර් එක්ක තිබුනේ. ඇයිද දන්නේ නැහැ ලංකාවට පැමිණි එන්නත කුඩා බෝතලයක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 429 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 125 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 804 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site