
(යොහාන් භාසුර)
සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක් සිපෙට්කෝ මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් අලෙවි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26 කින් ඉහළ දැමීමෙන් පසු නව මිල රුපියල් 355 ක් බවට පත්ව තිබේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථා මිලට සමාන කරමින් රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464 ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා එහි නව මිල රුපියල් 475ක් බවට පත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
122
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’සයිනොපෙක්’ පෙට්‍රල් ඩීසල් අඩුවෙන් දෙයි
sam Tuesday, 02 January 2024 07:19 AM
මතක හැටියට ,ඇග්‍රිමන්ට් සයින් කරනකොට ඇමතියා කිව්වේ ,සිපෙට්කෝ මිලට වැඩිය අඩුවෙන් දෙනවා කියලා.මාස කීපයකට පසු ඔපරේෂන් අරගෙන .සිනොපෙක් හිමිහිට මිල එක සමාන කරගෙන යනවා .කෝ මේ ඇමතිගේ ඇග්‍රිමන්ට් එක .රැවටීම තමා පාරිභෝගිකයාව සහ රට වැසියාව මුල ඉඳලම
Rohana Tuesday, 02 January 2024 10:59 AM
ඔය කෙහෙල්මල් රු 3 ත් තියාගෙන මිල සමකරන්න බලන්න.මේ කරම් ලොකු ගනන්වලින් වැඩිකරද්ද් රැ 3 න් අහවල් තෙංගෙඩියක් කරන්නද?