
(යොහාන් භාසුර)
සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක් සිපෙට්කෝ මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් අලෙවි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26 කින් ඉහළ දැමීමෙන් පසු නව මිල රුපියල් 355 ක් බවට පත්ව තිබේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථා මිලට සමාන කරමින් රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464 ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා එහි නව මිල රුපියල් 475ක් බවට පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක හැටියට ,ඇග්‍රිමන්ට් සයින් කරනකොට ඇමතියා කිව්වේ ,සිපෙට්කෝ මිලට වැඩිය අඩුවෙන් දෙනවා කියලා.මාස කීපයකට පසු ඔපරේෂන් අරගෙන .සිනොපෙක් හිමිහිට මිල එක සමාන කරගෙන යනවා .කෝ මේ ඇමතිගේ ඇග්‍රිමන්ට් එක .රැවටීම තමා පාරිභෝගිකයාව සහ රට වැසියාව මුල ඉඳලම
ඔය කෙහෙල්මල් රු 3 ත් තියාගෙන මිල සමකරන්න බලන්න.මේ කරම් ලොකු ගනන්වලින් වැඩිකරද්ද් රැ 3 න් අහවල් තෙංගෙඩියක් කරන්නද?