
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික මහික වීරරත්න)
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සිදුකරන සියලුම සුබ සාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළුව සියලු සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව ස්වාධීන ඇගයීමක් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි නිලධාරීන්ට නිර්දේශ කළේය.
අස්වැසුම සුභසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී කිරීම සඳහා පවතින නිර්ණායක සංශෝධනය කිරීමටද කාරක සභාව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ල දුන්නේය.
වර්තමානයේ අස්වැසුම සුභසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින්ට සුදුසුකම් ලබාගැනීම සඳහා පවතින නිර්ණායක 22 හි ගැටලු අවස්ථා රැසක් පැන නැග ඇති බැවින් ඉදිරියේදී තෝරාගැනීමට නියමිත අස්වැසුම ප්‍රතිලාභීන් නව නිර්ණායක යටතේ තෝරාගැනීමට කටයුතු කරන ලෙසට ද නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) 2026.01.08 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු සාකච්ජා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd