
(අංජුල මහික වීරරත්න)
මෙවර අයවැය මගින් යෝජිත වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයට කළමනාකරණය කිරීම වත්මන් රජයේ ප්රමුඛ වගකීමක් බවද අමාත්‍යවරයා කීය.
ඔහු මේ බව පැවසූයේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති කීපයක් සමඟ අමාත්‍යංශයේ දී සිදු කරන ලද සාකච්ඡාවකදීය.
වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ ඇති වන ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට 2026 අයවැය මගින් යෝජනා කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd