
(අංජුල මහික වීරරත්න)
මෙවර අයවැය මගින් යෝජිත වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයට කළමනාකරණය කිරීම වත්මන් රජයේ ප්රමුඛ වගකීමක් බවද අමාත්‍යවරයා කීය.
ඔහු මේ බව පැවසූයේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති කීපයක් සමඟ අමාත්‍යංශයේ දී සිදු කරන ලද සාකච්ඡාවකදීය.
වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ ඇති වන ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට 2026 අයවැය මගින් යෝජනා කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළයුතුම කටයුත්තක් කියන්න පුලුවන්... මොකද කාර්යාලවල (විශේෂයෙන් අධ්‍යාපන) නිලධාරින් ඔවුන්ට සංතෝසමක් නැත්නම් විශ්‍රාම වැටුපට හෝ ලෙඩක් අදිනවා. උදාහරණයක් හැටියට මම දන්න එකම ශ්‍රේණියේ කෙනෙක් වැටුප් වර්ධක කීපයක් අඩුවෙනුත් අනෙක් කෙනා වැඩියෙනුත් ගනිද්දී මුලින්ම නිවැරදිව විශ්‍රාම වැටුප් සැකසුවත් 2017 පමණ සංශෝධනයට අනුව වැඩි හිමිකම තිබුණු අයට වඩා විශාල මුදලකින් අඩු වැටුප් ඇති කෙනාට ගෙව්වා. අභියාචනාවක් කළාම කලේ අසාධාරණයක් වුණු කෙනාගේම තවත් මුදලක් අයකර තවත් පාඩුවක් කිරීමයි. එවැනිවිට වැරැදි කළ නිළධාරින්ට කොමිසම මගින් දඩුවම් පැනවීමටත් බලතල පවරනවා නම් නිලධාරීන් වැරැදි කිරීම් හා අල්ලසට දූෂණයට යොමුවීම අඩුවේවි...