
(රංජිත් රාජපක්ෂ)
නිදහස් අධ්‍යාපනය රැකගන්නා ලෙසට බල කරමින් සහ වැඩි කිරිමට යන විදුලි බිල විරෝධය පාමින් නාවලපිටිය නගරයේ දී අද දින සජබ ආධාරකරුවෝ පිරිසක් උද්ගෝෂණයක නිරත වූහ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහ නුසුදුසු මොඩුයුල ඇතුළත් කිරීම, විදුලි බිල හා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පාමිනුයි මෙම උද්ගෝෂණය සංවිධානය කළ බව විරොධකාතරුවෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබෙ යන්නේ පරණ පාරෙම බව හොඳින්ම වැටහෙනවා. ඔය බැනර් එකේ ඉන්න මුහුණු දැක්කාම. අරමුණ නිදහස් අධ්‍යාපනය රකින්නද මූණු පෙන්නන එකද?
මේ පට්ට හොරු රට කාල කාලා, මිනිස්සු ගහලා එලෙව්වාම වෙස්මුහුණු බැදගෙන එනවා ජනතා ආරක්ෂකයෝ වගේ. අපතයෝ රැලක්...
අරමුණ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම නම් ඒ සඳහා බුද්ධිමත් සංවාදයක් විපක්ෂය විසින් විශේෂයෙන්ම ස. ජ. බ. විසින් ආරම්භ කල යුතුය. නමුත් ආරම්භයේ සිටම නායකයාගේ සිටම කෙරුවේ පෞද්ගලික අවලාද නැගීම සහ කුණු කතා රසකර කර ප්‍රසිද්ධියේ කියවීමයි විතරයි. ඒක විදග්ධ දේශපාලන නොවෙයි කියලා නොතේරෙන ලාමක සුකිරි බටිල්ලන්ගෙන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමයි මුලින්ම කළයුතු වෙන්නේ.
පුස් වෙඩි ඵලක් නෑ. එකමුතුකම නැති හොරු පිරුණු විපක්ෂය රටට හිරිහැරයක් පමණයි...
මහ විහිළු කාරයෝ... අරමුණ කුමක්ද කියලා හොදටම පැහැදිලියි. දැන් මිනිස්සු දැනුවත්, ඒ නිසා ඔය විකාරවලින් ඈත්වෙලා රට ගොඩනගන්න එකතුවෙන්න.