(අංජුල මහික වීරරත්න)

ලංකා සීනි සමාගම සහ BCC ලංකා සමාගම සමඟ විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබන ලදී.

මෙය සමුපකාර ඉතිහාසයේ ඓතිහාසික පියවරක් ලෙස සනිටුහන් වන අතර, ඒ හරහා පාරිභෝගිකයාට ගුණාත්මක දේශීය නිෂ්පාදන සෘජුවම ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම නව වැඩපිළිවෙළ යටතේ ලංකා සීනි සමාගමෙන් මසකට දුඹුරු සීනි ටොන් 1000ක් ද, BCC ලංකා සමාගමෙන් ඇසුරම් කරන ලද පොල්තෙල් ලීටර් 20000ක් මෙන්ම සබන් ඇතුළු අනෙකුත් නිෂ්පාදන ද සමුපකාර ජාලය වෙත ලබා ගැනීමට නියමිතයි.

මෙම නිෂ්පාදන පාරිභෝගික සමුපකාර 75ක නියෝජිතයින් හරහා තවත් ප්‍රාදේශික වෙළදසැල් 3500 ක් දක්වා විහිදී යන පුළුල් බෙදාහැරීමේ ජාලයක් ඔස්සේ ජනතාව වෙත ළඟා කිරීමට නියමිත බව අමාත්‍යංශය කියයි.

අතරමැදියන් ඉවත් කරමින් වෙළඳපොළේ මිල පාලනය කිරීමටත්, "මිල තීරකයා" (Price Stabilizer) ලෙස කටයුතු කිරීමටත් මෙමඟින් බලාපොරොත්තු වන බවද අමාත්‍යංශය පවසයි.

2029 වසර වන විට ප්‍රාදේශික වෙළෙදසැල් 3500 සිට 10 000 දක්වා වැඩි කරගැනීමේ ඉලක්කය සහිතව සංගමය කටයුතු කරමින් සිටියි. එමෙන්ම දේශීය නිෂ්පාදන වලට අමතරව ඉන්දියානු සමුපකාර සමිති සමඟ එක්ව ගුණාත්මක නිෂ්පාදන ආනයනය කර බෙදාහැරීමට ද පියවර ගෙන ඇතැයි අමාත්‍යංශය කියයි.