
(බණ්ඩාර ජයරත්න සහ විශේෂ පී ශාන්ත බණ්ඩාර)
පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් 23 හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කර ඇතයි අරණායක පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංච් මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි රණසිංහ නැමති 23 හැවිරිදි කාන්තාවක බවද පැවසීය .
පොලිසියට ලද තොරතුරක් මත සිද්දිය වූ ස්ථානයට යනවිටත් ලේ විලක් මැද කුස්සියේ උළුවැස්ස මත ඇදවැටි මරණයට පත්ව සිට ඇති බවද පොලිසිය පැවසීය .
සිද්දිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය අධිකරණය හමුවට කරුනු වාර්තා කිරිමෙන් අනතුරුව පශ්චාත් මරණය පරික්ෂක කටයුතු සිදුකිරීමට නියමිතව ඇතිබවද පොලිසිය පැවසීය .
මිය ගිය කාන්තාව ආසන්නයේ තිබි පහරදීම සඳහා යොදාගත් බාවට සක කෙරෙන මුගුරද හමුවි ඇති බව ද පොලිසිය පැවසීය .
ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමියා පොලිසියට භාරවිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතිබවද පොලිසිය පැවසීය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.