
(දයාරත්න ඇඹෝගම)
කුරුලුගම ප්‍රදේශයේ නිවසකදී බිරිද විසින් සිය සැමියාට පොරවකින් පහරදි ඝාතනය කොට සිය දරුවන් තිදෙනාද සමඟ පොලිසියට බාරවු බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ පොලිසියට බාරවි ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම පදිංචි 36 හැවිරිදි තිදරු මවකි. මරණයට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව, කුරුලුගම පදිංචිව සිටි උක්කුවාගේ උපාලි හේරත්(46) හැවිරිදි තිදරු පියෙකි.
පසුගිය පස්වැනිදා මරණකරු සිය බිරිදත් සමග ඇතිකර ගත් ආරාවුල දුරදිග ගොස් කඩුවකින් බිරිදට පහරදිමට උත්සහා කළ අවස්ථාවේදි ඇය විසින් පොරොවකින් සිය සැමියාගේ හිසට පහරදිමේ හේතුවෙන් සැමියා එම ස්ථානයේදිම මිය ගොස් තිබු බව පොලිසිය පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පස්සේ කඩු පයිට් එකකට යනකොට පොරොවක් අරංයන්න ඕනෑ.
අසරණ තිදරු මවක් ආත්මාරක්ෂාව සඳහා කල ප්‍රහාරයක් වගේ නේද? දරුවන්ට යන කල කුමක්ද?