(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 2.5 ත් 3.5 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබේ.
මෙම වසරේ අප්‍රේල් මාස වන විට වාණිජ බැංකු සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 12 ක් දක්වා ඉහළ දමා තිබූ අතර අප්‍රේල් මාසයේ සියයට 30 ක්ව පැවති ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලිය සියයට 9 ත් 12 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබේ.
වාණිජ බැංකු රැසක ණය පොලී අනුපාත මේ වන විටත් සියයට 20 ත් 28 ත් අතර පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකට තමා දේශිය ණය ප්‍රතිව්‍යුහගත කළා කියන්නේ. මිනිස්සු නැත්තටම නැති වුණත් බැංකු කඩන් වැටෙන්නේ නැහැනේ... දැන් ඉතිං අපි බැංකුවල තියෙන සතයත් අරගෙන ගිණුම් වහලා දානවා. එස්එම්එස් වලටත් මාසෙකට 25 කපනවා. ලැබෙන පොලියට වඩා මාසික බැංකු ගාස්තු වැඩියි. ඒ නිසා බැංකුවල සල්ලි තියෙනකොට හැම මාසෙම ගිණුමේ සල්ලි අඩුවෙනවා...
මොවුන්ට ඕනෙ ඒ බැංකුවල තියෙන සල්ලි අරන් මොවුන්ගේ දේවල්වලට වියදම් කරන්න. හීනෙන් තමයි එහෙම වෙන්නේ...!