
(විමුක්ති එස් රුද්‍රිගු)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා ගොනු කර ඇති අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය මෙම අවස්ථාවේදී විභාගයට ගැනීම යුක්ති සහගත නොවන බව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) ප්‍රකාශ කළාය.
ඒ හේතුවෙන් එළඹෙන සැප්තැම්බර් 20 වැනිදා සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා ගොනු කර ඇති අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය.
අදාළ පෙත්සම අද (26) කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියේ අදාළ අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය පසුගිය මැයි 10 වැනිදා කැඳවූ අවස්ථාවේදී කොටස් 2 ක් මත චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා අත් අඩංගුවට නොගෙනීමට පෙත්සම්කාර පාර්ශ්වය සහ වග උත්තරකාර පාර්ශ්වය එකඟ වූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd